Wednesday, December 6, 2023

විද්‍යාව හා මගේ සත දෙක

 

කුඩා කල සිට විද්‍යාව මාරයි කියන  සංකල්පයේ හිටපු කෙනෙක් විදිහට මේකේ පොඩි අවුලක් තියෙනවා කියන පරිවර්තනයට ආසන්නතම හේතු මෙසේ ලියා දක්වමි. 


ඉගෙනීම් කටයුතු වෙනුවෙන් data science හා වෛද්‍ය විද්‍යාවේ යොදාගැනීම ගැන පිළිගත් විශ්වවිද්‍යාලයක course එකක් කරද්දී වෛද්‍ය විද්‍යාවේ තියන golden research method එක වන random control test .(මිනිසුන් දෙකට බෙදා එක් කොටසකට බෙහෙත් ද අනික් කොටසට බෙහෙත වගේ දෙයක් දෙනවා) එකෙන් තමා බෙහෙත් වැඩක් තියෙනවා කියලා කියන්නේ. 

80% වඩා බෙහෙත් පර්යේෂණ වල reproducibility crisis කියලා දෙයක් තියෙනවා . එකියන්නේ research එකේ කතාව ආයේ කරලා බැලුවොත් වෙනම කතාවක් එන්නේ .

ඉතින් ඔය ගැන  කියද්දී prof කෙනෙක් කිව්වා RCT වල නොකියන assumptions(රාමු) තුනක් තියෙනවා.

1. ලෝකේ ඉන්නේ හැම මනුස්සයාම සමානයි. (physiology)

2. ලෙඩේ හොද වෙන්න එකම හේතුව දෙන බෙහෙත විතරයි.

3. බෙහතෙ තියෙන්නේ ඒ effect විතරයි


මට එක තේරුණ වෙලාවේ මට හිතුනේ මොන බොරුවක්ද මේ. ඔය තුනම පට්ටම බොරු නේද ? කොමද ඔය තුන මත ඉදන් generalized කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්නේ ? වෙන්නම බැ . statistics (කියන කතාවෙන් කරන්න බැරි දෙයක් generalized කරනවා. ඔයාට හරියන බෙහෙත මට හරි යනවද කියන එක predict කරන්නම බැ. වෙන එකක් තියා මට අද හරිගිය බෙහෙත මට හෙට හරියවිද කියන්නවත් බෑ. මොකද මගේ physiology අද තිබ්බ දේ හෙට වෙනස් වෙනවා. අපි හොයන්න හදන්නේ නැති දෙයක් කියලා වැටහීමක් ආව.


එත් සමගම කියෙව්වා Doctoring Data Kendrick, Malcolm. කියලා පොතක්. එක කියෙව්වම තේරුනා research කරන අයත් මාර විදිහට ඇදගෙන ඉන්නේ කියලා. Mortality studies වල තියෙන අවුල එකේ හොදට පැහැදිලි කරලා තියෙනවා.

Friday, November 3, 2023

ස‍ංස්කෘතිය

 ස‍ංස්කෘතිය

ඔයාට ස‍ංස්කෘතිය කියන්නේ මොකද්ද ?


මට නම් මන් ඉන්න සමාජයේ අනික් අය මොනාහරි ගැන මෙහෙම හිතනවා ඇති කියලා මම හිතන් ඉන්න දේ.


උදා - අනික් අය පාරෙ කිස් කරන එක  නරක දෙයක් කියලා හිතෙනවා ඇති 🤔(මීට මම)

වරදකාරයෙක්

 වරදකාරයෙක් ඉන්නමම ඕනෙ ද? 🤔

වෙන හැමදේටම අරයා/මෙයා/මම තමා කරෙ කියලා ඇගිල්ල දික් "වෙන්නම" ඕනෙද?

ආතල්

 ගොඩක් වෙලාවට වරදින දෙයක් තමා

1.මම ආතල් එකට කරන දෙවල් නොකරන අය ඉන්නෙ දුකෙන්

2. මම නොකරන ඒත් මන් ආතල් කියලා හිතන් ඉන්න දෙවල් කරන අය ඉන්නෙ සතුටින් 

3. මම ගන්න ආතල් ගන්න අය ඉන්නෙ.......... මන් වගෙ ඇති


එහෙම නෑ. ඇත්තටම ඔයාට කවදාවත් ඒක දැනගන්නත් බෑ 😉

ඊරිසියාකාරයෙක්

 අරූ මහ ඊරිසියා කාරයෙක් කියන එකෙ ඇත්තම තේරුම මෙහෙම නම්.

මම එයා නම් මෙ වගෙ සිද්ධියකදි ඊරිසියා හිතෙනවා ඒනයින් ඌ ඊරිසියා කරනවා ඇති. 🤔

Saturday, April 29, 2023

pavlov ට මිස් වෙලා


 



 Pavlov ට miss වුනේ ලෝකයේ නානාප්‍රකාර සීනූ විතරක් ඇති බවත් විසිල් හඩට ඇවිස්සෙන්නෙ බල්ලන් විතරක් නොවන බවත්ය.


පලි

 මෙ කතාවට ඔයාට හිතෙන දේත් conditioning ම තමා

ආයෙ සෙට් වෙමු

 ආයෙ set වෙමු

ආයෙ set වෙමු. කියන සරල කතාවෙ උනත් තියෙන  උපකල්පන හෙනම ස‍ංකීර්ණයි. අනාගතය උදාවෙවි, මම /ඔයා මැරෙන එකක් නෑ වගෙ. 


ලෝකය අස්තාවරභාවය දන්න කෙනා ඒක කියන්නේ මම මැරුණෙ නැතොත් ,ඔයා මැරුණෙ නැත්නම්, වගෙ අස්තිර ස‍ංඥාව ......  කියනදෙ යෙදිලම. 

එතකොට එයාට ආයෙ 

හමුවීම , හමු නොවීම දෙකම පුදුමයක්/ස‍ංවෙගයක් වෙන්නෙ නෑ.

තර්කයෙ අවුල

 logical

තර්කය හැමවිටම සාපේක්ෂයි, ඒ ගැන තියෙන දැනුම මට්ටමින් තමා තර්කය හරි වෙන්නෙ. ඒ දිහා බලන කෝණය වෙනස් වුනාම තර්කය valid නැති වෙනවා.

ඒ හින්දා තමා අපිට ගොඩක් අය කල්පනා(තර්ක) කරලා ගන්න තීරණ පට්ට ගොන් කියලා හිතෙන්නේ 😉


අපි ගන්න තීරණත්...... 🤷

තර්ක කරලා වැඩක් නෑ

 

ඔක සෑහෙන්න වටිනවා මෙහෙම කියෙව්වොත්


"මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මම ලෝකෙ දකින්නේ මගෙ මට්ටමින්ම විතරයි "


ඇත්තටම දකින කෝණයට ලෝකෙ හම්බෙන එක තමා වෙන්නෙ. 

unp කෙනාට imf හොඳ වෙන අතර jvp කෙනාට imf නරකයි.

 ඔයාට ඔයාගෙ මතයට අනුව imf හොඳයි ,නරකයි, ඇල් වතුර වගෙ.

bias නැති ලෝකයක් නෑ😉

මැටි කිඹුල්ලු

 මැටි කිඹුලෙක් ගමු ද?


 මෙ දවස් වල අපි අවශ්‍ය නොවන දෙයක් ගැනෙන්න යන කොට wifeට  කියන දෙයක් තමා මැටි කිඹුලෙක් ගමු ද?

හරියටම බැලුවොත් මැටි කිඹුලෙක් නොවන්නෙ මොනා ද? හැමදේම වගෙ මොනාහරි level එකකින් මැටි කිඹුලෙක් වෙනවා. අපි දීලා තියෙන වටිනාකම හින්දා ඇත්ත කිඹුලෙක් වෙලා පේනවා 😊.

කිඹුල්ලු ඇත්ත වෙනකම්, කිඹුලව ගන්න කම් නින්ද යන්නෙත් නෑ සමහර වෙලාවට🤣.

ගැබුර

 ගැඹුර

අපෙ ඇහත් කැමරාවක් වගෙ කැමරාවට එන ආලෝකයෙ ගැඹුර ගැන දත්ත නෑ , ඒ හින්දා තමා photo /video 2D . අපෙ ඇහත් ඒවගෙමයි. අපි අත්දකින 3D experience එක මොළේ හදලා දෙනවා කියලා තමා විද්‍යාව හිතෙන්නේ. (අපි දකින පාටත් ඒවගෙ එලියෙ පාට නෑ).

අපි අත්දකින යථාර්ථය එතකොට .......🤔


https://massivesci.com/articles/3d-world-place-cells-mouse-brains-neuroscience/

උඩු ඇන්ද

 උඩ ඇන්දෙ දත්

ඔයාට පුළුවන් ද උඩ ඇන්දෙ දත් හොලවන්න . හොදට බලන්න උඩට , පැත්තට ,

හොලවන්න පුළුවන් ද? 😉


අන්න ඒවගේම ඔයාගෙ ලෝකයෙ මධ්‍ය හැම තිස්සේම ඔයාගෙ නිරීක්ෂනය නෙමේ ද?

center එක හොලවන්න පුළුවන් ද?

හිගන්නො!

 මගෙ මේ "තත්වය" හින්දා අනිත් අය මෙහෙම සලකන්න ඕන කියලා හිතෙන්නේ සම්මුතිය තුල ඉන්න යාචකයන් විතරක් මද? 🤔

ඌට පිස්සු !

 පිස්සෙක් බැන්නොත් එච්චර අවුලක් නෑ  නේද ? ඌට පිස්සු හින්දා .


සබ්බෙ පෘතක්ජනා උන්මත්තකා කියලා කොහෙ හරි කියෙව්ව වගෙ😶 මතකයි.

business opportunity

 ඇත්තටම අපි මැරෙනවට බයෙ කරන දේවල් හින්දාම කලින් මැරෙනවා වෙන්න පුළුවන් 😉.

(බෙහෙත් උනත් අදාළයි )

මරණ බය තමා ලොකෙ ලොකුම business opportunity එක .

හෝන් එක

 අපිට හෝන් ගැහැව්වම තරහා යන අපිට තරහා ගියාම හෝන් වදිනවා 😉

ජන වි‍ංඥානය

 ජන වි‍ංඥානය

එකට ඉන්න ජනකායකට එකම සිද්ධිය  දැක්කම වැඩි දෙනෙකුට හිතෙන දේ.


හිතෙන්නේ කලින් අත්දැකපු දෙවල් හින්දා . සමාජය තුල වැඩිපුර කතා වෙන්නෙ negative දෙවල් නම් හිතෙන්නේ එහෙම .

තැන් දෙකකට වැටිච්ච ගිරව් දෙන්නගෙ කතාව   

 ( ස‍ංසාරය විශ්වාස කරනවා නම් සමාජය විතරක්ම නෙමෙ ස‍‍ංසාර පුරුදුත් තියෙනවා )


(උපකල්පන - හැමොටම සිද්ධිය එක විදිහට පේනවා)

accident එකක් උනා 🤷

 Accident 

අපට වැරදීමකින් වෙන අතර අනික් අය සිතා මතා සිදු කරයි. 😉


ඇත්තටම accident එකක් කියලා හොදාකාරවම දන්නවා නම් හිත මාර නිදහස් .මොකද  මම ඒක කරා කියලා යෙදෙන්නෙ නෑ. 

උදාහරණයකට එකපාරටම කකුලට ගොලුබෙල්ලෙක් පෑගෙනවා. කරන්න දෙයක් තිබ්බෙ නැති බව දන්නවා . සිද්ධිය කර්ම කාරක වාක්‍යයක් ......


එහෙම නිදහසක් 😊



පලි


නැත්නම් වීදුරුවක් වගෙ දෙයක් බිදිච්ච අවස්ථාවක් ගන්න . අපිට එන reaction එක එක්කො.

1. ඒක වැරදිලා උනා

2. කැඩුවා නේද 


කතෘ කාරක , කර්ම කාරක .


නිකමට මෙකත් අහලා බලන්න .

https://youtu.be/RKK7wGAYP6k



නිදහස

 වයසක දේශපාලකයන් දැක්කම දුක හිතෙන්නේ නැද්ද ? 

එච්චර වයසට ගිහිල්ලත් නිදහසක් නැත්නම් ඒක විදවීමක් නෙමේ ද?

එගොල්ලො හොඳට පේන්න ඉන්න හින්දා උදාහරණයට ගත්තත් අනික් අයත් එච්චර තමා 😫

👉ඔයාගෙ තත්වෙ ??

දෙන්නද එපා ද?

 හිගන්නන්ට සල්ලි දෙන්න ද එපා ද?

මොකද හිතෙන්නේ ?


දෙන එකෙ හො නොදෙන එක එක්ක ගැටෙන , ඇලෙන හිත දිහා බැලුවොත් මොකද 😉

මතකය

 දවසක් යාලුවෙක් එක්ක වලියක් ගියා, පස්සෙ තමා තෙරුණෙ දෙන්නට වලියට හෙතුවෙච්ච සිද්ධිය මතක තියෙන්නේ දෙවිදියකට. 

අපි එකම සිද්ධියක ඉන්නවා කියලා හිතුවට අපි කෙනා කෙනාට සිද්ධිය unique. ඒකත් මතකය trust කරන්න බැරි හේතුවක්. 🙂

අපි ආදරෙ අයට

 අපි හැමොම ආදරය කරන අයට කියලා දෙන්නෙ අපි දන්න නිවන/ස්වර්ගය /සාර්ථකත්වය .

ඒකට යන්න  තමා උගන්නනෙ .🙂


එකම දේ එකෙන් සතුට හම්බෙනවා කියලා ඔයාට ශුවර්ද? 😉

happy independence day

 ල‍ංකාව හොඳ හො නරක බව නොව අස‍ංඛයක් රාජ්‍ය ඇතිවි නැතිවු මෙ ධරණිතලයේ ල‍ංකාව (වෙන ඕන රටක්) කියන්නේ දුවිල්ලක් බව දකින්නට .


https://youtu.be/agZ8fCBd1i8

happy independence day

Monday, February 6, 2023

මතය

 අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම  අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ .

හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක් සුවදක් නෑ. ඇහැට එන තර‍ංග වල ගැබුර හො වර්ණයක් නෑ. කනට එන තර‍ංග වල වචන තේරුම් නෑ.

"මොළය" විසින් එ දත්ත වලින් රස, සුවද,ත්‍රිමාණ බව, වර්ණවත් බව ,ශබ්ද මවල දෙන බව තමයි මතය..

එහෙම මවල දෙන ලොකය තුල තමා ඔයාට ඔයාව හමුවෙන්නෙ..

මැවීමක් තුල මේකමයි හරි . මේකමයි වැරදි කියන්න පුළුවන් ද?

කොටින්ම "මේක" කියන එකත් මවල.😉.

මායාවක් තුල මායාව වත් හමුවෙන්න පුළුවන් ද?

මවලා දෙන තොරතුරු උඩ මම හරි කියලා අරන් නටන එක දුකක් නෙමේ ද? ගොන් පාට් එකක් නෙමේ ද?

කොටින්ම පැවැත්මම දුකක් නෙමේ ද?



මොලෙන් මවලා දෙනවා කියලා ගත්තට මොලයක් තියෙනවා කියලා අරන් තියෙන්නේත් මැවීම තුලම තමා.

Friday, January 27, 2023

ගොන් පාට්

 ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.


ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්.  ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..


එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.


සසර උනත් එච්චරයි 😊

කැඩපත

 වර්ණ අන්ධ කෙනෙකුට රතු පාට අදුනගන්න හැකියාවක් නෑ. ඇත්තටම එ කෙනාට මෙක රතු පාටයි හො රතුපාට නෙමේ කියලා කියන්න බෑ . කොටින්ම එයාගෙ ලොකෙ "රතු" පාටක් යෙදෙන්නෙ නෑ.......

එයාට ඒක දැනගන්නම බෑ


හිතනවා නම් බලන්න 



ඊර්ෂ්‍යාව , මොඩ ,දුශ්ඨකම කියලා භාහිරෙන් හම්බෙනවා කියන්නේ

නරක සිතුවිලි

 නරක සිතුවිලි 

අපි හැමොගෙම සිත් වල නරක සිතුවිලි  පහළ වෙනවා. ගොඩක් වෙලාවට මම නරක කෙනෙක් කියලා හිතෙන්න පුළුවන් . හැබැයි ඇත්තටම නරක සිතුවිල්ල පෙන්නනෙ සසරෙ භයානක බව...

කතාවෙ හීරො

 නාට්‍ය ,ෆිල්ම් වල අවුලක් තියෙනවා ....

නාට්‍ය අපි දකින්නේ 3 වෙනියාගෙ කෝණයෙන්. දුශ්ඨයා , වීරයා දෙන්නව වෙන් වෙන්ව පේනවා. අපි නිරීක්ෂකයගෙ චරිතය රගපාන එක මිස් වෙනවා .

හැබැයි අපිට ලොකෙ හමුවෙන්නෙ first person view එකෙන් . එකෙ ඉන්නෙ එක හිරො කෙනෙක් විතරයි . ඉතින් කතා වල ඉන්න දුශ්ඨයා එලියෙන් හම්බෙනවා ... 😊

මෙහෙම කරාම මෙහෙම

 මෙහෙම කරාම මෙහෙම / causal knowledge 

මෙහෙම කරන්න ,මෙහෙම කරානම් හරි.

අපි "දැනුම" තියෙන කෙනෙක් කියලා කියන්නේ මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන බවට .

ගොඩක් දැනුම ඔය model එකට ගන්න පුළුවන් (IMHO)

හරියටම හරි

 විද්‍යාව ,ආගම

පෙරදිග ,අපරදිග 

අරයා, මෙයා


ඔය ඕනෑ එකක් හරි හො වැරදි කියන්නේ මම දැන් හරි කියලා අල්ලාගෙන 🙂


"මම" හරි කියන එකෙ ලස්සන දෙයක් තියෙනවා , "මම" වැරදි කියලා කියන කොටම , දැන් "මම" හරි වෙලා අතීත මම වැරදි වෙනවා. කොයිම වෙලවකවත් මෙ මොහොතේ වැරදි වෙන්නේ නෑ.

මම ද

 ඉස්සර ලියපු හෑලි කියවන කොට හිතනවා.  යකෝ මෙහෙම ඒවා ලිව්වා ද කියලා.  පස්සෙ මතක් උනා "මම" නෙමෙයිනේ කියලා.... 😉😉

relativism

 If one genuinely understands relativism/ subjective nature in "All" perceptions. He will know “all” his understanding is a misunderstanding. 


Will there be anything to say about others understanding?



සාපේක්ෂ බව තුළ තමන්ට හිතන දේම සාපේක්ෂ කතාවක් නම් අනුන් මෙහෙම හිතනවා ඇති කියන එක ගැන කවර කතාවක් ද?

සල්ලි හම්බ කරන්න ඉගෙන ගන්න

 

ඉගෙන ගත්තම සල්ලි හම්බ වෙනවා කියලා එ හින්දා ඉගෙන ගන්න කිව්වට. 

ප්‍රායෝගික ලෝකෙට ආවම ඒක එහෙම්ම නෑ. ගොඩක් ඉගෙන ගත්තා කියලා ගොඩක් සල්ලි හම්බ වෙන්නෙත් නැහැ.  .  ඉතින් හිතන් ඉන්න දේ  ලෝකෙ වෙනවා නොදැක්කා ම හීල්ලෙනවා.  

දෙමාපියන් ඒක දන්නවා ඒත් කියන්නේ නෑ . Lie lives on....

(ඉගෙන ගන්න එපා කියලා නෙමේ කියන්නේ. )

හීන

  

මෙහෙම කරන්න/ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් අපිට තියෙනව .

කවදාවත් හීන වලට ඇත්ත වෙන්න බෑ  මොකද ඔයා රස්සාවක් ගැන මොන හීන මැව්වත් රස්සාවට යනකම් එක කෝම වේවි ද දන්නේ නෑ.   

හීනෙයි අත්දැකීම අතර ගැප් එක හින්දා හැමදා ම අඩුවක් තියනවා. 

පොඩි හීන තියෙන අවස්ථා වලට සමහර විට සතුටක් ඒවි

මිනිස්සූ

 මිනිස්සු නරකය/හොඳයි/ මෙහෙමයි 

කියලා ගන්න කොට මිනිස්සු කියන සර්වත්‍ර කුලකය (universal set) එකේ කෙනෙක් තමයි ඔයත්.  කියන එක කියන කෙනාටත් අදාළ වෙනවා (Self reference)

සර්වත්‍ර කුලකය හෙවත් සියල්ලම

 

සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා. 

සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා. 

සියල්ලම කියන කුලකයට ඒ කුලකයත් අයිති වෙනවා.  (Self reference.  )

සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්න බෑ 🙂

සබ්බ කියන්නෙත් සියල්ලම. 



Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes. වගේම දේවානම්පියතිස්ස රජතුමා ගෙන් මිහිදු හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට ත් basis  එක. 


"සබ්බ පහාය ගමණීයං "

මැවුම්කරු

 

ඇහැට වැටෙන තරංගවල පාටක් වත් ගැබුර ගැන තොරතුරක්වත් නෑ.

හැබැයි අපි ඉන්නෙ වර්ණවත් ත්‍රිමාණ ලොකෙක. 

කෑම වල තියන රසායනික අංශුවල රසක් සුවදක් නෑ. ඒත් අපි සුවද රහ කෑම කනවා.

දත්තයකින් තොරතුරක් මැවෙනවා 😉.

මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.

හින්දු වේදය එන බ්‍රහ්මන් නැත්නම් omnipresent god හෙවත්  මැවුම්කරු .......



https://youtu.be/S1jn86eUX0E

මන් නම් මෙහෙම කෙනෙක්


අපි ලොකු එකෙන්ම ඇදැන් ඉන්න සිද්ධිය දන්නවා ද?


"මන් නම් 'මෙහෙම'කෙනෙක් කියලා ඇදගෙන ඉන්න තැන 😁 එහෙම කියවෙන තැනකදි පොඩ්ඩක් බලන්න 😉

කම්මැලිකම

 කම්මැලිකම 

ඇත්තටම කම්මැලි වෙලාවට මොකටවත් ඇලිලත් නෑ මොකක් එක්කවත් ගැටිලත් නෑ.

එක විදිහකට ඉන්න පුලුවන් සරලම තැන.

හැබැයි  පුරුද්දට කම්මැලිකම එක්ක හරි ගැටෙනවා කම්මැලිකමට 😉

හරි මොකක් ද?

 විද්‍යාව හරි ද? ආගම හරි ද?


ඔය එක මගුලක් වත් නෙමෙ බන්

මම(Ego) එක හැමතිස්සේම හරි

වැරදිමට බය

 වරදිනවට බයයි නේද ?

ඇයි දන්නවා ද අපි වරදිනවට බය?


වැරදුනාම හිනා වෙලා තියන හින්ද (අපි අනූන්ට)😉

හිර ගෙදර

 හිර ගෙදර 

හිර ගෙදරක් නැත්නම් හිරකරු කියලා කෙනෙක් නෑ

හිර ගෙදරක් නැත්නම් නිදහස කියලා කතා කරන්න දේකුත් නෑ

😊

අපිට තියන ලොකුම හිර ගෙදර දන්නවා ද?

හිර ගෙදර කිව්වෙ සීමා කිරිම කියන අර්තයකින් 

ඇස්,කන්,දිව,ස්ප්‍ර්ශ් හා හිත. මොකද එකෙන් තමා තනිකරම  limit වෙන්නෙ🙃

ලොකුම ප්‍රශ්නය

 දර්ශනයක /philosophy වල

නැත්නම් 

අධ්‍යාත්මික  seen එකෙ

නැත්නම් 

Particle physics  වල

තියන ලොකුම ප්‍රශ්නය ?😊



අපි කවුරුද?


https://youtu.be/9o7F3p7y2VA

 🙂🤔😘 🙏 සේනක බටගොඩ


සිතියම

 සමහර විට සිතියම පාර පෙන්නන්නෙ සිතියමෙන් එලියට වෙන්න පුලුවන්  🤗

https://youtu.be/58Dwovbe-YE

කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනවා

 කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනවා ද?

කන එක බලන් ඉන්න කෙනාට හම්බෙන්නෙ කබරගොයෙක්,

කන කෙනාට හම්බෙන්නෙ තලගොයෙක් 😊

ඒකත්වය

 කැඩුන මැටි බදුනක් අල්වලා දැන් මේක එකක් කියන්න පුලුවන් 

මැටි බදුන මෙහෙම කැඩෙන්නවා කියලා දැනෙගෙන මේක එකක් කියන්න පුලුවන් 

ඒකත්වය කියන concept  එකත් ඒවගෙ, එකමදේ වගෙ ඇහුනට දෙන්නෙක් දෙකක් කියනවා වගෙ වෙන්න පුලුවන්

අන් අයගෙ මත ඉවසීම

 අන් අයගෙ මත ඉවසීම 

ඉබෙම වෙනවා තමන් ඇත්ත කියලා හිතන් ඉන්න මත හැදෙන හැටි දැක්කොත් . නැත්නම් තමන්ගෙ මතය  ගොඩනැගෙන උපකල්පන (assumptions ) දැක්කොත් , එ උපකල්පන වල තියන තඩි හිල් දැක්කොත්  😊

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...