Pavlov ට miss වුනේ ලෝකයේ නානාප්‍රකාර සීනූ විතරක් ඇති බවත් විසිල් හඩට ඇවිස්සෙන්නෙ බල්ලන් විතරක් නොවන බවත්ය.
පලි
මෙ කතාවට ඔයාට හිතෙන දේත් conditioning ම තමා
පලි
මෙ කතාවට ඔයාට හිතෙන දේත් conditioning ම තමා
ආයෙ set වෙමු
ආයෙ set වෙමු. කියන සරල කතාවෙ උනත් තියෙන උපකල්පන හෙනම සංකීර්ණයි. අනාගතය උදාවෙවි, මම /ඔයා මැරෙන එකක් නෑ වගෙ.
ලෝකය අස්තාවරභාවය දන්න කෙනා ඒක කියන්නේ මම මැරුණෙ නැතොත් ,ඔයා මැරුණෙ නැත්නම්, වගෙ අස්තිර සංඥාව ...... කියනදෙ යෙදිලම.
එතකොට එයාට ආයෙ
හමුවීම , හමු නොවීම දෙකම පුදුමයක්/සංවෙගයක් වෙන්නෙ නෑ.
logical
තර්කය හැමවිටම සාපේක්ෂයි, ඒ ගැන තියෙන දැනුම මට්ටමින් තමා තර්කය හරි වෙන්නෙ. ඒ දිහා බලන කෝණය වෙනස් වුනාම තර්කය valid නැති වෙනවා.
ඒ හින්දා තමා අපිට ගොඩක් අය කල්පනා(තර්ක) කරලා ගන්න තීරණ පට්ට ගොන් කියලා හිතෙන්නේ 😉
අපි ගන්න තීරණත්...... 🤷
ඔක සෑහෙන්න වටිනවා මෙහෙම කියෙව්වොත්
"මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මම ලෝකෙ දකින්නේ මගෙ මට්ටමින්ම විතරයි "
ඇත්තටම දකින කෝණයට ලෝකෙ හම්බෙන එක තමා වෙන්නෙ.
unp කෙනාට imf හොඳ වෙන අතර jvp කෙනාට imf නරකයි.
ඔයාට ඔයාගෙ මතයට අනුව imf හොඳයි ,නරකයි, ඇල් වතුර වගෙ.
bias නැති ලෝකයක් නෑ😉
මැටි කිඹුලෙක් ගමු ද?
මෙ දවස් වල අපි අවශ්‍ය නොවන දෙයක් ගැනෙන්න යන කොට wifeට කියන දෙයක් තමා මැටි කිඹුලෙක් ගමු ද?
හරියටම බැලුවොත් මැටි කිඹුලෙක් නොවන්නෙ මොනා ද? හැමදේම වගෙ මොනාහරි level එකකින් මැටි කිඹුලෙක් වෙනවා. අපි දීලා තියෙන වටිනාකම හින්දා ඇත්ත කිඹුලෙක් වෙලා පේනවා 😊.
කිඹුල්ලු ඇත්ත වෙනකම්, කිඹුලව ගන්න කම් නින්ද යන්නෙත් නෑ සමහර වෙලාවට🤣.
ගැඹුර
අපෙ ඇහත් කැමරාවක් වගෙ කැමරාවට එන ආලෝකයෙ ගැඹුර ගැන දත්ත නෑ , ඒ හින්දා තමා photo /video 2D . අපෙ ඇහත් ඒවගෙමයි. අපි අත්දකින 3D experience එක මොළේ හදලා දෙනවා කියලා තමා විද්‍යාව හිතෙන්නේ. (අපි දකින පාටත් ඒවගෙ එලියෙ පාට නෑ).
අපි අත්දකින යථාර්ථය එතකොට .......🤔
https://massivesci.com/articles/3d-world-place-cells-mouse-brains-neuroscience/
උඩ ඇන්දෙ දත්
ඔයාට පුළුවන් ද උඩ ඇන්දෙ දත් හොලවන්න . හොදට බලන්න උඩට , පැත්තට ,
හොලවන්න පුළුවන් ද? 😉
අන්න ඒවගේම ඔයාගෙ ලෝකයෙ මධ්‍ය හැම තිස්සේම ඔයාගෙ නිරීක්ෂනය නෙමේ ද?
center එක හොලවන්න පුළුවන් ද?
මගෙ මේ "තත්වය" හින්දා අනිත් අය මෙහෙම සලකන්න ඕන කියලා හිතෙන්නේ සම්මුතිය තුල ඉන්න යාචකයන් විතරක් මද? 🤔
පිස්සෙක් බැන්නොත් එච්චර අවුලක් නෑ නේද ? ඌට පිස්සු හින්දා .
සබ්බෙ පෘතක්ජනා උන්මත්තකා කියලා කොහෙ හරි කියෙව්ව වගෙ😶 මතකයි.
ඇත්තටම අපි මැරෙනවට බයෙ කරන දේවල් හින්දාම කලින් මැරෙනවා වෙන්න පුළුවන් 😉.
(බෙහෙත් උනත් අදාළයි )
මරණ බය තමා ලොකෙ ලොකුම business opportunity එක .
ජන විංඥානය
එකට ඉන්න ජනකායකට එකම සිද්ධිය දැක්කම වැඩි දෙනෙකුට හිතෙන දේ.
හිතෙන්නේ කලින් අත්දැකපු දෙවල් හින්දා . සමාජය තුල වැඩිපුර කතා වෙන්නෙ negative දෙවල් නම් හිතෙන්නේ එහෙම .
තැන් දෙකකට වැටිච්ච ගිරව් දෙන්නගෙ කතාව
( සංසාරය විශ්වාස කරනවා නම් සමාජය විතරක්ම නෙමෙ සංසාර පුරුදුත් තියෙනවා )
(උපකල්පන - හැමොටම සිද්ධිය එක විදිහට පේනවා)
Accident
අපට වැරදීමකින් වෙන අතර අනික් අය සිතා මතා සිදු කරයි. 😉
ඇත්තටම accident එකක් කියලා හොදාකාරවම දන්නවා නම් හිත මාර නිදහස් .මොකද මම ඒක කරා කියලා යෙදෙන්නෙ නෑ.
උදාහරණයකට එකපාරටම කකුලට ගොලුබෙල්ලෙක් පෑගෙනවා. කරන්න දෙයක් තිබ්බෙ නැති බව දන්නවා . සිද්ධිය කර්ම කාරක වාක්‍යයක් ......
එහෙම නිදහසක් 😊
පලි
නැත්නම් වීදුරුවක් වගෙ දෙයක් බිදිච්ච අවස්ථාවක් ගන්න . අපිට එන reaction එක එක්කො.
1. ඒක වැරදිලා උනා
2. කැඩුවා නේද
කතෘ කාරක , කර්ම කාරක .
නිකමට මෙකත් අහලා බලන්න .
https://youtu.be/RKK7wGAYP6k
වයසක දේශපාලකයන් දැක්කම දුක හිතෙන්නේ නැද්ද ?
එච්චර වයසට ගිහිල්ලත් නිදහසක් නැත්නම් ඒක විදවීමක් නෙමේ ද?
එගොල්ලො හොඳට පේන්න ඉන්න හින්දා උදාහරණයට ගත්තත් අනික් අයත් එච්චර තමා 😫
👉ඔයාගෙ තත්වෙ ??
හිගන්නන්ට සල්ලි දෙන්න ද එපා ද?
මොකද හිතෙන්නේ ?
දෙන එකෙ හො නොදෙන එක එක්ක ගැටෙන , ඇලෙන හිත දිහා බැලුවොත් මොකද 😉
දවසක් යාලුවෙක් එක්ක වලියක් ගියා, පස්සෙ තමා තෙරුණෙ දෙන්නට වලියට හෙතුවෙච්ච සිද්ධිය මතක තියෙන්නේ දෙවිදියකට.
අපි එකම සිද්ධියක ඉන්නවා කියලා හිතුවට අපි කෙනා කෙනාට සිද්ධිය unique. ඒකත් මතකය trust කරන්න බැරි හේතුවක්. 🙂
අපි හැමොම ආදරය කරන අයට කියලා දෙන්නෙ අපි දන්න නිවන/ස්වර්ගය /සාර්ථකත්වය .
ඒකට යන්න තමා උගන්නනෙ .🙂
එකම දේ එකෙන් සතුට හම්බෙනවා කියලා ඔයාට ශුවර්ද? 😉
ලංකාව හොඳ හො නරක බව නොව අසංඛයක් රාජ්‍ය ඇතිවි නැතිවු මෙ ධරණිතලයේ ලංකාව (වෙන ඕන රටක්) කියන්නේ දුවිල්ලක් බව දකින්නට .
https://youtu.be/agZ8fCBd1i8
happy independence day
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...