Thursday, December 1, 2022

කිව්වට විශ්වාස කරන්න

 ඔයා දන්න දේවල් ඔක්කොම ඔයා "විශ්වාස" කරන කෙනෙක් කියපු දෙයක්  හො කියපු දෙයක් මත ගොඩනගපු කතාවක් ..🙈🙉🙊


මං කියනවට විශ්වාස කරන්න එපා 🤭

රට යන්නෙ ඇයි ?

 රට යන්නෙ ඇයි ?

මෙතෙන්ට වඩා එතැන ආතල් එකක් "ඇති" 

ඉගෙන ගන්නෙ ඇයි ?

ළමයි හදන්නෙ ඇයි ?

ගෙවල් හදන්නෙ ඇයි ?


ඕන එකක් කාලඅවකාශයෙ මෙතැනට වඩා එතැන හොද ඇති ලු 😉 


දුවන්නෙ ඇයි ??? ...........

ඕක ඇත්තම හේතුවද නැත්නම් වෙන්න හදන දේ සාධාරණීය කිරීමද?

මම මැරුණම

  

මම මැරුණම මෙහෙම වේවි කියලා හිතන් ඉන්නවා නේද ?

ඇත්තටම ඒක නිකන් මම මැරුණම මම හිටියොත් මෙහෙම එකක් අත්දකින්න ලැබෙවි කියන එක. පට්ටම විකාරයි නේද ?😜

Monday, November 28, 2022

තරහා ආවා


ඉන්නවා කියලා පෙන්නන්න වගෙ තරහා ඇවිල්ල රවුමක් දාලා ගියා.

ලස්සන / කැත වැඩෙ තරහා ආපු හේතුව කොච්චර සරලද කියන එක.

#කඩවර

සාරිද?

 

සාරි අදිනවද නැත්නම් සැහැල්ලු ඇදුමක් අදිනවද ප්‍රශ්නයට මට හිතෙන උත්තරය නම්

"අදාල නැනේ" 

හොදට බලන්න මම අදාල නෑ කියන්නෙම  ඒ ප්‍රශ්නය අදාල කරගත්ත හින්දා, ප්‍රශ්නය භාරගෙන ඊට පස්සෙ අදාල නෑ කියන්නෙ

හොදම පිතිකරු

 සුර්‍ය කුමාර් යාදෙව් ලෝකෙ හොදම t20 පිතිකරු කියලා පිලිගන්න කොට නොදන්නවා උනත් ක්‍රිකට් නීති 42 ම පිලි අරගෙන ඉවරයි  😊

මොකද ක්‍රිකට් නිර්වචනය වෙන්නෙම නීති පද්ධතිය තුල.

Unknown නොදන්නාකම

 it is the unknown(නොදන්නාකම ) we fear when we look upon death and darkness, nothing more.

-Dumbledore 

😊 අපි දන්න බවට තියන අසාව නිසා නොදන්නාකමට බයයි.

 ඇයි බය ?මොනාහරි තියෙනවා ඇති, තියන දේ දන්නෙනෑ 🙂

P.s. දැනුවත්කම ගැන නොදන්නාකම වෙන්නත් පුලුවන් .බය නැති වෙන්නෙ දැනගන්න තියෙන උවමනාව නැති උනොත් නම්...


Best comment (is ha)

Nipun M. Dasanayake ඔව්.. ඒත් දැනගන්න තියෙන උවමනාව නැතිවෙන්නේ  දැන ගැනීම තුළ ඇති සාපේක්ෂය... ඒකේ purity එකගැන ප්‍රශ්න මතුවෙද්දී නම්... එතනට අපිව තල්ලු කළේ නොදැනුවත් බාවය හේතුකොට මතුවෙන දැනගෙනීමට ඇති උවමනාව නම්..අන්න එතන නොදැනුවත් බාවය සහ දැනුවත් බාවය වෙන්කරගන්න අමාරුවෙනවා වගේ...

Saturday, November 19, 2022

කැත විතරක් !

 ඔයා කවදාවත් "කැත" විතරක් අත්දැකලා තියෙනවා ද ?.

කැත මොනාහරිම තමා හම්බවෙන්නෙ. කැත ඇදුම, කැත සින්දුව, කැත හිත 🙂

Monday, November 14, 2022

සිතුවිලි

 මගෙ 

මගෙ කෝප්පය 

මගෙ ගෙදර

මගෙ රස්සාව 

මම නෙමෙයි නේද ???

එතකොට 

මගෙ සිතුවිලි !!!!!

😊 

ඒකත් එහෙම්මයි !

කැමැත්ත

 අනුන්ගෙ කැමැත්ත තමන්ගෙ එක නෙමේ කියලා තේරුණොත් අනුන්ගෙන් ගැලවෙනවා  . තමන්ගෙ කැමැත්ත තමන්ගෙ නෙමේ කියලා අහුවුනොත්😊😊😊 . තමන්ගෙනුත් ගැලවෙනවා

Monday, November 7, 2022

මායාව

 මමත්වය  මායාවක් කියලා අහලා ඇති .

ඒකෙ ඇත්ත බොරු තේරුම් ගන්න පුලුවන් "බව" එතකොට ........


දිගහැරුම

මට තේරෙන මමත්වය හැදිලා තියෙන්නේ සංකල්ප උඩ.  ඒ හින්ද සිරුර කියන්නෙ ඔයාද? සිත කියන්නෙ ඔයා ද? ඔයාගෙ නම ඔයාද? රැකියාව ඔයාද?

ඔය වගෙ ප්‍රශ්න අහලා බැලුවම ,මමත්වය හෙල්ලෙනවා.


ඒත් ඒක තේරුම්ගන්න පුලුවන්කම, හැකියාව එහෙම්ම තියෙනවා 🤔.

මමත්වයක් තියෙනවා හො නෑ හො තේරුම් ගන්න පුලුවන් හැකියාව තමා හැබෑ මමත්වය ,ආන් ඒ හැකියාවත් සකස්වීමක්

Tuesday, November 1, 2022

Gut feeling

 මනුස්සයෙක් දැක්ක ගමන් අපිට judgment  එකක් එනවා හොද කෙනෙක් ද නැද්ද කියලා . විද්‍යාවට අනුව ඉස්සර යාලුවෙක් ද තරහා කාරයෙක්ද නැද්ද කියලා මැනීම survival එකට වැඩගත් .

එත් මනුස්සයා හම්බෙන්නෙම judgment එකක් එක්ක . අපෙ confirmation bias එක හින්ද ස්ථීර කරගන්නවා . හොදට බලන්න judgment එක හිතලා ගන්නවා ද ?  ඉබෙම එනවද?.

Gut feeling එක කියලත් කියනවා . හේතුවක් පෙන්නන්න බැරි හින්ද

Sunday, October 30, 2022

ඇයි ?

 මන් මෙ තීරණය ගත්තෙ මේ හින්ද ,

කියලා එන උත්තරය දිහා හොදට බලන්න .👀 critically  ඇයි කියලා අහලා බලන්න .

ඒ සාධාරණීයකරණයට (justifcation) තව හේතු හම්බවේවි . ඒ හේතු වලට තව හේතු. ඉවරයක් නෑ, පදනම හිස් ද ?.

Hint - අපි හේතු කියන්නෙ හේතු නොවන හින්ද වෙන්න පුලුවන් .....

Saturday, October 29, 2022

සිත TV

 TV එකේ ඕන  ෆිල්ම්  එකක් පෙන්නන්න පුලුවන් 

සිතුවිලි කියන්නෙ film එක නම්

සිත කියන්නෙ TV එක.

අපි හිතුවට සම්භාව්‍ය film  විතරක් පෙන්නන්නවා කියලා ,අසභ්‍ය  ෆිල්ම්  ඕන වෙලවක තිරගත වෙන්න පුලුවන්  . 😉


සිහියෙන් හිටියොත් film එකෙ intro දාන කොට සමහර විට මීටර් වෙන්න පුලුවන්

Tuesday, October 25, 2022

මම දැන වෙනස් මිනිහෙක් !

 මම දැන වෙනස් මිනිහෙක් ! 

අපිට හිතන් ඉන්න   ego/ මමත්වය වෙනස් වෙන බව අහුවෙනවා සමහර වෙලාවට. වෙනස් වන බව නිරීක්ෂණය කරන්න තියන හැකියාව නිත්‍ය කියලා ගැනෙන බව අහුනොවි. 🙂

Tuesday, October 18, 2022

Y = MX

 Y=MX

X = නව දත්තය/සිද්ධිය 

M= ඇත්ත කියලා හිතන් ඉන්න මතය/දෘශ්ටිය 

 Y=MX

Y = අත්දැකීම


උදාහරණයක් ගත්තොත්! 


X = රැවුල වවන් ඉන්න තරුණයෙක් 

M= රැවුල වවන් ඉන්නෙ රස්තියාදු කාරයො

Y=MX

Y= රස්තියාදු කාර කොල්ලෙක් 


X = රැවුල වවන් ඉන්න තරුණයෙක් 

M= රැවුල වවන් ඉන්නෙ පට්ට dial (nipun wage)

Y=MX

Y= එල කොල්ලෙක්


ලස්සනම වැඩෙ ඔය Y එකෙ අගය ඊලග M එකේ අගය වෙනස් කරනවා


X = තරුණයා  හිනා වෙනවා

M= රස්තියාදු කාරයෙක්(කලින් හිතුන දේ)

Y=MX

Y= හොර හිනාවෙ කැත


X = තරුණයා හිනා වෙනවා

M= එල කොල්ලෙක්(කලින් හිතුන දේ)

Y=MX

Y= පට්ට හිනාව


M  ශුන්‍ය භාවයෙන් හමු උනොත් ,

උදාහරණයකට බොක්කෙන්ම තේරුනොත් මිනිස්සු බාහිරෙන් මනින්න බෑම කියලා 


X= රැවුල වවන් ඉන්න තරුණයා

M= බාහිර පෙනුම අදාල නැත

Y=MX

Y= මනුස්සයෙක් 

🙂



අත්දැකීම (Y) ලැබෙන්නෙම රැස් වෙලා තියන M අනුවමයි.

 අත්දැකීම (Y) , දෘශ්ටිය(M) ස්ථාවර කරනවා.

 දෘශ්ටිය   හේතුවක් වෙනවා අත්දැකීමට,  අත්දැකීම හේතුවක් වෙනවා දෘශ්ටියට . 

 M (දෘශ්ටිය ) වෙනම අහුවෙන්නෙ නෑ.


අත්දැකීමට සිහිය තිබ්බොත් M වෙනස් වෙන හැටි පොඩ්ඩක් පේන්න පුලුවන්.සිහිය කියන අත්දැකීම (Y) පෙන්නලා දුන්නොත්  M සකස් වෙවි වෙවි තියෙන්නේ ස්ථාවර නෑ ,හිස් කියලා

 එදාට  Y (අත්දැකීම )  , M ගෙවන්න  input  දෙනවා. M , Y ගෙවලා දානවා 😁

Wednesday, September 21, 2022

කව්ද කිව්වේ ?

 කව්ද කිව්වේ ?

මම ලියපු දේ ඔය දැන් කියවනවා කියල තමා ඔයාට දැන් හිතෙන්නේ.

ඇත්තටම ඒක එහෙමද?

කියවන වචන වලට තේරුම එන්නේ කොහෙන්ද? ඔයාගේ අදහස්, දැනුම උඩ තමා කියවීම වෙන්නේ.

ඔයා කියවපු දේ මම ලිව්වා කියන එක කලින්ට වඩා සාධාරණයි.

එත් ඇත්තටම බැලුවොත් මේක කියවීම තුලම  තමා, කියවන ඔයා හා ලියපු කෙනා හම්බෙන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ .😊


Sunday, September 18, 2022

Parallel worlds

1.We live in parallel worlds that never touched. 

2.Yet shaped each other.

3. If at all if they existed

 උඩ කතාවෙ දිග හැරීම

1. ඔයාට පේන්නෙ ,ඇහෙන්නේ ,දැනෙන්නෙ ,හිතන්නෙ ඔයාගෙ ආයතන වලින්. අනුන්ගෙ ආයතන වලින් බෑ. ලොකෙ perceive කරන්නෙ තනියම. වෙන කෙනෙක් දුවිල්ලක් වත් දකින විදිහ දැන ගන්න බෑ 😊

2. ඒත් අපි අනික් අය කරන දෙවල් වලින් වෙනස් වෙනවා. කුරුල්ලෝ කෑගහන සද්දයක් ,කැරපොත්තෙක් වගෙ පොඩි දෙකින් අපෙ perceived  ලොකය වෙනස් වෙනවා.

3. Subjectivity එක ගැන හිතන්නෙ එකම සිද්ධිය අපි වෙනස් විදිහට දකිනවා කියලා . හොදට බලන්න , ඒක සිද්ධි දෙකක් නෙමේද ? 😊

Objective reality එක මිරිගුවක් ?

Tuesday, September 13, 2022

ඇත්තටම ඇත්ත

 "The" truth doesn't have assumptions 

පට්ටම සත්‍යයක් නම් උපකල්පන නැත.

(රාමුවක් තුල සත්‍ය , සම්මත තත්ව,statistics test හදලා තියෙන්නේ උපකල්පන උඩ)

Saturday, September 10, 2022

මම .......... කෙනෙක්

 මම මෙහෙම කෙනෙක් කියල ගන්න කොටම ලොකු එකෙන්ම අහුවෙනවා ."මෙහෙම" කියන තත්වය පවත්වන්න කටු කන්න වෙනවා . 

මම  "හැමතිස්සෙම" චරිතයක්(මෙහෙම කෙනෙක්) එක්කමයි ඉන්නේ.  මම කවුරුවත් නොවේ කියන චරිතයට හරි අහුවෙනවා අන්තිමට....(I am nobody)


මම අහුවෙනවා කිව්වට චරිතයයි,රගපාන  මමයි වෙන් කරන්න බෑ 😊

Thursday, September 8, 2022

විදවලා

විදවලා

" කොච්චර දුක් විදලද උබලව හැදුවෙ "

" කොච්චර දුක් විදලද ඉගෙන ගත්තෙ"

පරණ දුක් රස කර කර කියලත් ඇති ඇහිලත් ඇති.

ඇත්තටම දුකක් නම් දැන් රහ වෙන්න බෑ නේද ?😉

දුකක් උනාත් සැපක් උනත් විදීම(experience ) කියන ගතියෙන් සමානයි . මොන experience එකට වුනත් ලෝභකම එහෙම්මයි.

Monday, September 5, 2022

කලේ ඇයි ?

 A/L ..... කරපු හේතුව 

A/L subject  තෝරගත්තෙ ඇයි ?

Sure ද?




ඔයා කියන්නෙ තීරණය  ගත්ත හේතුව ද?

ගත්ත තීරණයෙ සාධාරණීයකරණය ද?

😉


ඕකම,

 බැන්දෙ ඇයි? ළමයි හැදුවෙ ඇයි ? ඉගෙන ගත්තෙ ඇයි ? 

ඕන ප්‍රශ්නයකට දාලා බලන්න


Saturday, September 3, 2022

ක්‍රිකට්

 ක්‍රිකට්

බොලේ දාන්න කලින් ෂොට් එක ගහන්න බෑ . බොලේ වැටුනම shot එක වදිනවා.

ඔකේ වෙනස හරියටම තේරෙන්නේ out උනාම .(mischievous) shot එක වැදුනේ නෑ බන් කියාගෙන එන්නේ. හැබැයි 6 වැදුනම වැදිච්ච shot, එක කෝමද මගේ පාර වෙනවා.


****අපිට හිතලා ගහන්න පුළුවන් නම් අපිව කවදාවත් out කරන්න බෑ *****

Thursday, September 1, 2022

ඇහුනද?

 ඉස්සෙල්ලා ඔයා කියපු දේ මට ඇහුනෙ , දැනට මට ඇහිච්ච දේ ඔයා කියලා තියෙන්නේ,. ඒක තවත් වෙනස් වේවිලු..

ඔයා කියවපු උඩ සටහන  සමහර විට ලියපු කෙනෙක්  නැති වෙන්න පුලුවන් ද ? 😜

ඔයා කියපු දේම මට තේරුණා/ඇහුනා කියන තැනින්. මට තෙරුණ දේ වගෙ දෙයක් ඔයා කිව්වා වෙනස.

සමහර විට තෙරුම් ගන්නවා කියන සිද්ධිය තුලම තේරුම් ගත්ත කෙනා හා කිව්ව කෙනා විද්‍යාමාන වෙනවා වෙන්න පුලුවන්


Wednesday, August 31, 2022

වල් ගහක්

 වල් ගහක්.


"ඔයා" කැමති නැති තැනක තියන ඕන ගහක් වල් ගහක් වේ.


ප.ලි අනික් සිද්ධිත් ලොකු වෙනසක් නෑ. අකමැති වෙලාවට වහින වැස්ස ජරා වැස්සක් වන අතර කැමති වෙලාවට මරු වැස්සක්වේ.

Monday, August 29, 2022

Event එක

 කර්මය යෙදෙන්නෙ event එකට.

හොරකම් කරලා අහුවෙලා හිරේ යනවා කියන  "අඩුම" event තුනක්. ඒ ඒ event එක වෙන්න කරුණු පෙලගැහුනම ඒ ඒ විදිහට වේවි .

(ඇත්තටම මේ මොහොත පහල වෙන්න තමා කර්මය ඉන්ධනය වෙන්නෙ 😉)

Sunday, August 28, 2022

හරිම දත්තය

 ඇත්තටම එහෙම දත්තයක් නැත්නම් .

 එන එන දත්තයට කතාවක් හදන එකනම් වෙන්නෙ. සාපේක්ෂ දත්ත වලින් හදන කතාවක් මිස the truth නැත්නම් .

ඉස්සෙල්ලා මට වැරදුනානේ ,දැන් හරි කියන එක repeat වෙන එක නම් වෙන්නෙ ?🤔

Friday, August 19, 2022

බෙදීම

 දේශපාලකයන්, අපිව බෙදුවා

දෙමළ ,සිංහල, මුස්ලිම් කියලා කියද්දි 

දේශපාලකයන් හා අපි කියලා 

බෙදෙනවා කියන එක මිස් වෙනවා

😁

Binary එකෙන් බේරෙන්න අමාරුයි

Thursday, August 18, 2022

Slow

 පොඩ්ඩක් slow වෙලා හිමීට ජිවිතෙ දිහා බැලුවොත් පෙනේවි . අපි හිතන් /දැනන් ඉන්න  logic  එකට ලොකෙ වෙන්නෙ නෑ කියලා. එතකොට තව logic  එකක් හොයන්න වෙනවා ඒක විස්තර කරගන්න . ඉවරයක් නෑ 🙂

සිද්ධියට පස්සෙ කතාව

 සිද්ධියට පස්සෙ කතාව


ඕනම දේක මුලින් වෙන්නෙ සිද්ධිය ,ඊට පස්සෙ තමා ඒක වුනේ මෙහෙමයි කියන කතාව හදන්නෙ වෙච්ච දේ තේරුම් ගන්න. අපි කතාව කලින් ඉදන්ම තිබ්බා කියලා ගන්නවා ඉබේම ,කතාවෙ තිබ්බ අඩුපාඩු මිස් වෙනවා.

කතාවක් ගොඩනගන්න බැරි සිද්ධි magic වෙනවා.පෙරදිග ,අපරදිග ඕන එකක.


අපිට හිතන්නෙ ගුරුත්වාකර්ෂණය හින්ද පොලවට වැටෙනවා කියල.

ඇත්තටම වැටෙන එකට හදපු කතාව තමා ගුරුත්වාකර්ෂණය. (අපි ඒක හොයාගෙන ඉවරයි කිව්වට තාම එ ගැන සෑහෙන්න පර්‍යෙශණ වෙනවා; ඉවර වෙන එකක්නම් නෑ.පර්‍යෙශණ ඇතුලෙ හම්බෙන සිද්ධි වලට අලුත් කතා එකතු වෙනවා)

ඇත්තටම ගත්තොත් පැහැදිලි කරන්න කතාව ,සිද්ධිය කියලා ගත්තට..කතාව කියන්නෙත් සිද්ධියක්.

උදාහරණයකට කාව හරි දැක්කම මෙයා හොද කෙනෙක් හො නරක කෙනෙක් කියලා අදහස් පහල වෙන එක. කතාව ගොතන එකට වැඩිය, පහල වෙනවා වගෙ


Thursday, August 11, 2022

වෙස්මූණු

 සාමාන්‍ය ජිවිතෙ තමන්ට තමන්ගෙ වෙස්මූණු ගැලවෙනවා අහුවෙනවා නම් ....



අපිට හිතන්නෙ වෙස්මූණු යට ඇත්ත මූණක්

අපිට තියෙනවා කියලා ඇත්තටම එහෙම නෑ. වෙස්මූණු මාරු වෙනවා විතරයි  😋. ඊලග වෙස්මූණු ටිකට හෙතු තියනකම් එනවා)

වෙස්මූණු - මම අසවල් කෙනා ලෙස හදුනාගැනීම. මම තාත්තා ,ඩොක්ටර් ,පුතා, බෞද්ධයෙක්.

කොටින්ම මම ________කෙනෙක් කියන හදුනාගැනීම. එ නිසාම රගපෑම.

තනියෙන් ඉද්දි තනියෙන් ඉන්න මම චරිතය 😁 හරි රගපාන්න වෙනවා


ප.ලි. යාලුවෙක්  දුන්නා උත්තරයක් 

සැබෑ මුහුණක් නෑ කියන තැන වෙස් මුහුණු කියන සoකල්පය  අහෝසි වෙනවද මන්දා.

ඒ ඒ අවස්ථාවට පෙන්නන මුහුණ ඒ ඒ අවස්ථාවට අදාලව  සැබෑ මුහුණක්.

බොරුවක් කරන කෙනෙක්ට  නම් ඉතින් සැබෑ මුහුණට උඩින් වෙස් මුහුණක් තියෙනවා වෙන්න පුලුවන්.

සියල්ල අවබෝධ කරපු කෙනා  සියල්ලෙන් නිදහස් නිසා වෙස් මුහුණක් දාන්නවත්  මුහුණක් නෑ කියලා තේරුම් අරන් ඉන්නවා ඇති.


Tuesday, August 9, 2022

තේරුම

 තේරුමක්ම නැති දෙකත් තේරුමක් හොයාගන්න පුලුවන් නම් තේරුමක් තියෙනවා කියලා ගන්න දේවල් වල තේරුමක් තියෙනවා ද ? 🤔

Sunday, August 7, 2022

හිස්තැන


"හිස්බවට  බය අඩු  අයට ලෞකිකව සෑහෙන්න නිදහසක් එනවා. ඒ කියන හිස්තැන තියෙන්නේ කට කපලා පිරිලා තියෙන්නේ කියලා අහුවුනොත්😊😊😊.. නියම හිස්තැන අහුවෙන්න පුලුවන්"

Monday, July 11, 2022

වෙනස් වීම

 මාන 4 හා වෙනස් වීම

මාන 4 හැදෙන්නෙ කෝමද 

දිග,උස,පළල- ලක්ශ 2ක් අතර 'වෙනස'

කාලය - සිද්ධි 2ක් අතර 'වෙනස'

වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?

 ගැලපෙන ලෙස වෙනස් වීම (adaptation)

ඉස්සර ජීවත් වුන රටාව වෙනස් කරගන්න වෙලා. 

නැව "ගිලුනම "අඩ අඩා ගිලෙන්නත් පුලුවන් . නැව පැදපු අයට බැන ගිලෙන්නත් පුලුවන්.

පීනන්න try කරන්න පුලුවන්. 

පීනනවා කියන්නෙ නැව ගිලෙන්න කලින් නැවට වෙලා කරපුවා තව මහන්සි වෙලා කරන එක නම් නෙමේ. 😁


 වෙනස් වෙනවා කියන්නෙ මොකද්ද 


ඔයා අද ඉන්න තැන ඉන්න ලොකුම හේතුව මොකද්ද ?

ඔයා ගත්ත "තීරණ" . ලොකු පොඩි ඔක්කොමම තීරණ. 

තීරණ ගන්න මොනාද බලපාන්නෙ?

අපි තීරණ ගන්න පාවිච්චි කරන්නෙ වටිනාකම් (values) හා මුලධර්ම(principals).

උදාහරණයක් විදිහට ඉගෙන ගන්නෙ විවේකයට වඩා ඉගෙනීම value  එක වැඩි හින්ද . සතෙක් මරන්නෙ නෑ කියන principal  එකෙ ඉන්න කෙනෙක් පාඩුවක් උනත් මරන්නෙ නෑ. ඒවගෙ ඕනෑම තීරණයක් අපෙ වටිනාකම් හා principals මත තමා වෙන්නෙ.

වෙනස් වෙනවා කියන්නෙ මොකද්ද ?

අපි තීරණ ගන්න පාවිච්චි වෙන values and principals වෙනස් වෙනවා. 

උදා

Minimalist  වෙනවා කියන්නෙ තීරණ ගද්දි  minimalist වටිනාකම් හා මූලධර්ම පාවිච්චි කරන එකට.

බෞද්ධ නම් තීරණ ගද්දි පංච සීලය වගෙ principals පාවිච්චි වෙනවා තීරණ ගන්න.


අපිට එක පාර වෙනස් වෙන්න බෑ. එහෙම වෙන්නෙ අපි අලුතින් තීරණ ගන්න බලපාන වටිනාකම් හා මූලධර්ම ඇත්තටම වටිනවා කියලා තේරුනොත් විතරයි . නැත්නම් රගපාන්න තමා වෙන්නෙ🤔


මිනිස්සු තනියෙන් වෙනස් වෙනවා කියන්නෙත් ජයග්‍රහණයක් - සහෝදරයා

 ඌ මොඩයි , මම මාරයි.


අපි ගොඩක් වෙලාවට ඉන්නෙ ඔය චින්තනයෙන්. ඔතන අවුල, අපිට අලුතින් අදහසක් ගන්න බැරි බව. මගේ කෝණයම හරි කියලා ගන්න හින්ද වෙන අයගෙ කෝණ සලකා බලන්නෙ වත් නෑ. අනුන්ගෙ අදහස් වගේම තමන්ගෙ අදහස් ප්‍රශ්න කරලා බලන්න, හිල් හොයන්න.(තමන්ගෙ අදහස් වල තියන assumptions දිහා බලන්න) 

Open minded වෙන්න

Live experience

 Live experience 

ඔයාට මේ වෙලාවෙ තියන සජිවි අත්දැකීමක් තියෙනවා නේද ? Live experience එක? කියවන ඇහෙන හිතෙන බව?

ආන් ඒක තමා මම, මගෙ කියලා වැඩියෙන්ම අහුවෙලා ඉන්න එක.

 කතාවෙ version එක

ඕනම කතාවක ඔයාට අහගන්න පුලුවන් "ඔයාගෙ " version එක විතරයි.

වෙන කෙනෙක්ගෙ version එකක් 100% දැනගන්න බෑ.

නොදැනගත්ත කොටස ගැන අදහසක් වත් නෑ. එහෙම බැලුවම දැනගත්ත කොටසත්...

Tools

 Tools හෙවත් උපකරණ

උදැල්ලකින් වලක් කපන්න පුලුවන් . කාලය ප්‍රශ්නයක් නෙමේ නම් ඕන වලක් කපන්න පුලුවන් .

බැකො එකකින් වලක් කපන්න පුලුවන් .පොඩි වල වල් නම් බෑ. හැබැයි වේගෙ වැඩි.

* වල කපා ගන්න එක තමා වැදගත්ම වැඩේ, වල තමන්ට හින්ද *

සමහර වල වල් තියෙනවා බැකෝ එකක් ප්‍රායෝගිකව ඕනම වෙන. ඒ හින්ද බැකෝ වැඩක් නෑ අපිට උදැල්ල තියෙනවා කියලා හිනා වෙන්න එපා.

සමහර වල වල් තියෙනවා බැකෝ එකක් එනකන් අඩ අඩා ඉන්න එක ගොන් මොකද උදැල්ලකින් කරන්න පුලුවන්.


Tool එකට ගහ ගන්න එපා මොකද කපන්න ඕන වල දන්නෙ තමන් 😁.

 Accident 

අපි අතින් වෙනවා !

අනික් අය කරනවා ! 😁


(Accident  කරන්න බෑ, හිතලා කෙරුවොත්  ඒක criminal offense එකක්. නොසැලකිලිමත් කියන්නෙ හිතල නෙමේ)


සිස්ටම් චෙන්ජ්

Saturday, June 18, 2022

Distributed absorption of Hyperinflation

 

Dear reader
This is an idea that came to me that might /might not help to face hyperinflation.
Please let me know what you think. 

When prices of commodities increase our natural response is to increase our earnings by increasing our service charge or price of our product .
So our customers have to increase their income to buy our products, so they also have to increase price or thier service charge .
 As we all are in a loop of customer ,provider relationships we go into a vicious cycle .
 We increase because they increase ,they increase because we increase.
This is human nature, we/I fail to see that we are part of the problem.
The Theory is that we all have to absorb our urge to increase and reduce income in a conscious and distributed way , this has to start from up. Elites have to reduce their income (not wealth ), middle class upward will follow their example and ease off the pressure on lower income. 
This is better for the elite as it may help prevent wealth redistribution , and also controlling hyperinflation will hold value.
This needs only 1% of the population on board to get rolling as it starts with elites and wealthy. 
Reduction of income might help to gain more in the long run.
This against current economic benchmarks such as GDP. Which does not calculate human's most basic need of being happy.

Wednesday, February 23, 2022

කඩවර

 1.හොද වෙන්න තියන උත්සහය තියෙන්නම ඕන.

2. Imho.  යකෙකුයි ,දෙවියෙකුයි. දෙන්නෙක් ඉන්නවා එකෙක් එක සැරයට යකා එනවා ඊලගට දෙවියා එනවා නෙමේ. 

මමත්වය කියන්නෙ 📺 එකක් වගේ නම් ඒකෙ තියන ඕනම film එකක් බලන්න  හැකියාව තියෙනවා . (හොද /නරක). TV එකෙ බණ ඇහුවට අසභ්‍ය ඒවා උනත් බලන්න පුලුවන් . තියෙනවා නම් ඔක්කොම පුලුවන් .නැත්නම් එකක් වත් බෑ.

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...