ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.
ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..
එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.
සසර උනත් එච්චරයි 😊
ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.
ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..
එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.
සසර උනත් එච්චරයි 😊
වර්ණ අන්ධ කෙනෙකුට රතු පාට අදුනගන්න හැකියාවක් නෑ. ඇත්තටම එ කෙනාට මෙක රතු පාටයි හො රතුපාට නෙමේ කියලා කියන්න බෑ . කොටින්ම එයාගෙ ලොකෙ "රතු" පාටක් යෙදෙන්නෙ නෑ.......
එයාට ඒක දැනගන්නම බෑ
හිතනවා නම් බලන්න
ඊර්ෂ්‍යාව , මොඩ ,දුශ්ඨකම කියලා භාහිරෙන් හම්බෙනවා කියන්නේ
නරක සිතුවිලි
අපි හැමොගෙම සිත් වල නරක සිතුවිලි පහළ වෙනවා. ගොඩක් වෙලාවට මම නරක කෙනෙක් කියලා හිතෙන්න පුළුවන් . හැබැයි ඇත්තටම නරක සිතුවිල්ල පෙන්නනෙ සසරෙ භයානක බව...
නාට්‍ය ,ෆිල්ම් වල අවුලක් තියෙනවා ....
නාට්‍ය අපි දකින්නේ 3 වෙනියාගෙ කෝණයෙන්. දුශ්ඨයා , වීරයා දෙන්නව වෙන් වෙන්ව පේනවා. අපි නිරීක්ෂකයගෙ චරිතය රගපාන එක මිස් වෙනවා .
හැබැයි අපිට ලොකෙ හමුවෙන්නෙ first person view එකෙන් . එකෙ ඉන්නෙ එක හිරො කෙනෙක් විතරයි . ඉතින් කතා වල ඉන්න දුශ්ඨයා එලියෙන් හම්බෙනවා ... 😊
මෙහෙම කරාම මෙහෙම / causal knowledge
මෙහෙම කරන්න ,මෙහෙම කරානම් හරි.
අපි "දැනුම" තියෙන කෙනෙක් කියලා කියන්නේ මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන බවට .
ගොඩක් දැනුම ඔය model එකට ගන්න පුළුවන් (IMHO)
විද්‍යාව ,ආගම
පෙරදිග ,අපරදිග
අරයා, මෙයා
ඔය ඕනෑ එකක් හරි හො වැරදි කියන්නේ මම දැන් හරි කියලා අල්ලාගෙන 🙂
"මම" හරි කියන එකෙ ලස්සන දෙයක් තියෙනවා , "මම" වැරදි කියලා කියන කොටම , දැන් "මම" හරි වෙලා අතීත මම වැරදි වෙනවා. කොයිම වෙලවකවත් මෙ මොහොතේ වැරදි වෙන්නේ නෑ.
ඉස්සර ලියපු හෑලි කියවන කොට හිතනවා. යකෝ මෙහෙම ඒවා ලිව්වා ද කියලා. පස්සෙ මතක් උනා "මම" නෙමෙයිනේ කියලා.... 😉😉
If one genuinely understands relativism/ subjective nature in "All" perceptions. He will know “all” his understanding is a misunderstanding.
Will there be anything to say about others understanding?
සාපේක්ෂ බව තුළ තමන්ට හිතන දේම සාපේක්ෂ කතාවක් නම් අනුන් මෙහෙම හිතනවා ඇති කියන එක ගැන කවර කතාවක් ද?
ඉගෙන ගත්තම සල්ලි හම්බ වෙනවා කියලා එ හින්දා ඉගෙන ගන්න කිව්වට.
ප්‍රායෝගික ලෝකෙට ආවම ඒක එහෙම්ම නෑ. ගොඩක් ඉගෙන ගත්තා කියලා ගොඩක් සල්ලි හම්බ වෙන්නෙත් නැහැ. . ඉතින් හිතන් ඉන්න දේ ලෝකෙ වෙනවා නොදැක්කා ම හීල්ලෙනවා.
දෙමාපියන් ඒක දන්නවා ඒත් කියන්නේ නෑ . Lie lives on....
(ඉගෙන ගන්න එපා කියලා නෙමේ කියන්නේ. )
මෙහෙම කරන්න/ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් අපිට තියෙනව .
කවදාවත් හීන වලට ඇත්ත වෙන්න බෑ මොකද ඔයා රස්සාවක් ගැන මොන හීන මැව්වත් රස්සාවට යනකම් එක කෝම වේවි ද දන්නේ නෑ.
හීනෙයි අත්දැකීම අතර ගැප් එක හින්දා හැමදා ම අඩුවක් තියනවා.
පොඩි හීන තියෙන අවස්ථා වලට සමහර විට සතුටක් ඒවි
මිනිස්සු නරකය/හොඳයි/ මෙහෙමයි
කියලා ගන්න කොට මිනිස්සු කියන සර්වත්‍ර කුලකය (universal set) එකේ කෙනෙක් තමයි ඔයත්. කියන එක කියන කෙනාටත් අදාළ වෙනවා (Self reference)
සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා.
සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා.
සියල්ලම කියන කුලකයට ඒ කුලකයත් අයිති වෙනවා. (Self reference. )
සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්න බෑ 🙂
සබ්බ කියන්නෙත් සියල්ලම.
Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes. වගේම දේවානම්පියතිස්ස රජතුමා ගෙන් මිහිදු හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට ත් basis එක.
"සබ්බ පහාය ගමණීයං "
ඇහැට වැටෙන තරංගවල පාටක් වත් ගැබුර ගැන තොරතුරක්වත් නෑ.
හැබැයි අපි ඉන්නෙ වර්ණවත් ත්‍රිමාණ ලොකෙක.
කෑම වල තියන රසායනික අංශුවල රසක් සුවදක් නෑ. ඒත් අපි සුවද රහ කෑම කනවා.
දත්තයකින් තොරතුරක් මැවෙනවා 😉.
මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.
හින්දු වේදය එන බ්‍රහ්මන් නැත්නම් omnipresent god හෙවත් මැවුම්කරු .......
https://youtu.be/S1jn86eUX0E
අපි ලොකු එකෙන්ම ඇදැන් ඉන්න සිද්ධිය දන්නවා ද?
"මන් නම් 'මෙහෙම'කෙනෙක් කියලා ඇදගෙන ඉන්න තැන 😁 එහෙම කියවෙන තැනකදි පොඩ්ඩක් බලන්න 😉
කම්මැලිකම
ඇත්තටම කම්මැලි වෙලාවට මොකටවත් ඇලිලත් නෑ මොකක් එක්කවත් ගැටිලත් නෑ.
එක විදිහකට ඉන්න පුලුවන් සරලම තැන.
හැබැයි පුරුද්දට කම්මැලිකම එක්ක හරි ගැටෙනවා කම්මැලිකමට 😉
වරදිනවට බයයි නේද ?
ඇයි දන්නවා ද අපි වරදිනවට බය?
වැරදුනාම හිනා වෙලා තියන හින්ද (අපි අනූන්ට)😉
හිර ගෙදර
හිර ගෙදරක් නැත්නම් හිරකරු කියලා කෙනෙක් නෑ
හිර ගෙදරක් නැත්නම් නිදහස කියලා කතා කරන්න දේකුත් නෑ
😊
අපිට තියන ලොකුම හිර ගෙදර දන්නවා ද?
හිර ගෙදර කිව්වෙ සීමා කිරිම කියන අර්තයකින්
ඇස්,කන්,දිව,ස්ප්‍ර්ශ් හා හිත. මොකද එකෙන් තමා තනිකරම limit වෙන්නෙ🙃
දර්ශනයක /philosophy වල
නැත්නම්
අධ්‍යාත්මික seen එකෙ
නැත්නම්
Particle physics වල
තියන ලොකුම ප්‍රශ්නය ?😊
අපි කවුරුද?
https://youtu.be/9o7F3p7y2VA
🙂🤔😘 🙏 සේනක බටගොඩ
කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනවා ද?
කන එක බලන් ඉන්න කෙනාට හම්බෙන්නෙ කබරගොයෙක්,
කන කෙනාට හම්බෙන්නෙ තලගොයෙක් 😊
කැඩුන මැටි බදුනක් අල්වලා දැන් මේක එකක් කියන්න පුලුවන්
මැටි බදුන මෙහෙම කැඩෙන්නවා කියලා දැනෙගෙන මේක එකක් කියන්න පුලුවන්
ඒකත්වය කියන concept එකත් ඒවගෙ, එකමදේ වගෙ ඇහුනට දෙන්නෙක් දෙකක් කියනවා වගෙ වෙන්න පුලුවන්
අන් අයගෙ මත ඉවසීම
ඉබෙම වෙනවා තමන් ඇත්ත කියලා හිතන් ඉන්න මත හැදෙන හැටි දැක්කොත් . නැත්නම් තමන්ගෙ මතය ගොඩනැගෙන උපකල්පන (assumptions ) දැක්කොත් , එ උපකල්පන වල තියන තඩි හිල් දැක්කොත් 😊
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...