Friday, October 4, 2024

රස්සාව


අපි කරන කොට හිනා වෙලා වැඩ කරන අය එක්ක කතා කරලා කම්මැලි උනාම fb ඇවිල්ලා පාටියක් තිබ්බත් නැතත් කාලා කරාට 

වෙන office එකකට ගියාම 

උන් රොබෝවරු වගෙ වැඩ නැත්නම් උන්ගෙ අම්මලාට එක්ක බැනලා එන මහා විකාරයක් 😉😉

වැනීසියෙ වෙළෙන්දා


අපි ගොඩක් වෙලාවට නීතිය , සදාචාරය ,අයිතිවාසිකම් අල්ලාගෙන මස් රාත්තලම ලැබිය යුතුමයි කියලා හිතාගන්නවා . ඒත් මස් රාත්තල විතරක්ම තනිකර වෙන් කරලා ගන්න බෑ. මස් රාත්තලත් එක්ක බැදලා බෝනස් තියෙනවා 😉

උදාහරණයකට (අනික් ඒවත් ඒවගෙ)

5 ශිෂ්‍යත්වය ප්‍රශ්න පිටවීම , මොන විසදුමට ගියත් පාඩුවක්. 

මස් රාත්තලමම ගන්න ගියාම මස් රාත්තලවත් ගන්න වෙන්නෙ නෑ.

බඩුවක්

 කියන්න යන්නෙ ස‍ංඥා සෙල්ලමක් ගැන . ස‍ංඥාවක් කියන්නේ අපි මොනාහරි අදුරාගැනීම.

අපි ගණිකාවකට බඩුවක් කියනවා. ඊට පස්සෙ එහෙම සැක අයටත් බඩුවක් කියනවා. කාලයක් යනකොට තමන් හා තමන්ගේ කට්ටිය හැර ඕන කෙනෙකුට සැකයි නම් බඩුවක් කියනවා.
මොකද වෙන්නෙ මෙතැනදි ?
ගෑනු කෙනෙක් කියන ස‍ංඥාව වෙනුවට බඩුවක් කියන ස‍ංඥාව replace වෙනවා . දැන් අපි අදුරගන්නෙ මනුස්සයෙක් නෙමෙ දෙයක් , අපිට ඕන තරම් අපහාස කරන්න පුළුවන් මොකද මනුස්සයෙක් නෙමේනෙ .
ගොඩක් අයට මියා කලීෆා අඩනවා කියන එක පිලිගන්න බැරි ඒ හින්දා . මනුස්ස ස‍ංඥාව එන්නෙ නෑ.

ඕනම කෙනෙක් අපෙන් වෙනස් කියලා දැක්ක තැන මනුස්ස ස‍ංඥාව ගැලවෙනවා . මැරුවත් කමක් නැති වෙනවා.
දේශපාලකයන් තමා මේ දවස් වල , මතක තියාගන්න ස‍ංඥාව මාරු වෙන්නෙ මේ පැත්තෙ 😉

Thursday, June 20, 2024

ක්‍රිකට් ගැනම නෙමෙයි

 

ටෙස්ට් මැච් එකක වැඩිම ලකුණු අරන් තියෙන්නේ කවුද ? වැඩිම විකට් අරගෙන තියෙන්නේ කවුද ? හොදම බොලර් කවුද ? ල‍ංකාව පැරදුනෙ ඇයි ?

දැන් ඕකට උත්තරය දන්නවා නම් ක්‍රිකට් දන්නවා ද? 

මන් කියනවා නෑ කියලා.😉

ක්‍රිකට් දන්න බව යෙදෙන්නෙ සෙල්ලම් කරන මොහොතට විතරයි. ශොට් එකක් ගහන කොට නැත්නම් බොලෙ දානකොට ,field කරනකොට. හැබැයි ඒක වචන වලින් කියන්න බෑ.

අනික් ඔක්කොම කතා වැල් බයිලා.

ක්‍රිකට් ගැන කිව්වට ක්‍රිකට් ගැනම නෙමෙයි 😁. මේක අනික් හැමදෙටමත් අදාළයි .

කෙලවර


කෙනෙක් කියන්න පුළුවන් විශ්වයෙ කෙලවරට එහා මුකුත්ම නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන් එතනින් එහා මොනාහරි තියෙනවා කියලා . කවුරු හරි විශ්වයෙ කෙලවරට ගිහින් බලනකම් ඕවා දෙකම කතා 🙂.


කෙනෙක් කියන්න පුළුවන් සිත තමා ඔක්කොම - එහෙනම් ඇයි FB එකෙ දාන්නෙ? සිතෙම තිබුන නම් ඉවරනෙ.

තව මොනාහරි තියෙනවා නේ- එහෙනම් මම ලියපු එකමද කියෙව්වෙ? නැත්නම් ඔයාගෙ දත්ත වලට සාපේක්ෂ කතාවක් ද?  

🤷🤔


"මතයක්" ගේන්නෙ ඔයාගෙ මතය කඩන්න මිසක් මගෙ මතය හරි හින්දා නෙමේ. 😁

අතීතය නිර්වචනය

 match එක පැරදුනාම බලපු එක වැඩක් නැති වෙනවද?

ප්‍රෙමය පැරදුනාම love කරපු කාලෙ අපරාදේ ද?

උත්තරය මොකක් උනත් බලන්න

  මෙ මොහොත උඩ තමා අතීතය නිර්වචනය වෙන්නෙ

ඉපදුන "තැන"

 මම ඉපදුනේ කොළබ එතනදි මන් වෙනුවෙන් නිකුත් කරපු birth chit  එක මත හදලා තියෙනවා උප්පැන්නක්. ඒ උප්පැන්න මගෙ ඉස්කොලේ , කැම්පස් එක රස්සාව කරන තැනට දීලා තියෙනවා . ඔය උප්පැන්න දීලා තමා මගෙ අයිඩෙන්ටි කාඩ් එක හදලා තියෙනවා ,ඒකෙ number එකට තමා වාහන , බැ‍ංකු ගිණුම් ,ණය විතරක් නෙමේ අවස්ථා දාහකට වඩා ඕක ලියලා ඇති. කසාදෙ ළමයගෙ උප්පැන්න . 🤔 අපිට හිතාගන්න බැරිතරම් කොල ගොඩක ඒක සදහන් වෙනවා.

දැන් කවුරු හරිම birth chit එක බොරුවක් කරොත් මොකද වෙන්නෙ?

මම ඉපදිච්ච තැන විතරක් නෙමේ , සම්මුතියේ මගෙ ඉපදීමම නැති වෙලා යනවා. අනික් ඔක්කොම document බොරුවක් වෙනවා. 

මන් ඉපදිච්ච "තැන" විතරක් නෙමේ මගෙ ඉපදීමට සාක්කි නැති වෙනවා . නිපුන් වල‍ංගු නැති වෙනවා. සහතික, ඩිග්‍රිය,රස්සාව ඔක්කොම "හොර" සහතික වෙනවා.

ඇත්තටම මෙ කතාවට මම ඉපදුන "තැන" අදාළම නෑ.😁

බෞද්ධ ගී

 සමහර විට මේවත් බෞද්ධ ගී වෙන්න පුළුවන් 🤔

ලෝක සිතියම - mithunsk ,dhanith sri

අනන්තයට යනවාමයි - සේනක බටගොඩ 

අපි කවුරුද? - සේනක 

හද අල්ලන්න යන - wayo/mithunsk 

හිත හොයන්න - කසුන් කල්හාර

තව මොනවාද ? 🤔

මගෙනෙ

 මගෙ කියලා අල්ලගෙන නෑ කියලා හිතනකොට මගෙ නෙමේ කියලා අල්ලගෙනලුනෙ 😬

Overthinking

 Overthinking

අපිට තීරණයක් ගන්න දත්ත අනන්ත ප්‍රමාණයක් ඕන. අපි කරන්නෙ ඒවා නොසලකා හැරලා තියෙන දත්ත දෙක තුනකින් තීරණයකට යන එක .

එතකොට දත්ත 4 පැනපු ගමන් තීරණයක් ගන්න එක හෙනම ස‍ංකීර්ණයි . එතකොට තීරණයක් ගන්න බැරිව අරම කොරොත් මෙහෙමයි මෙහෙම කරොත් එහෙමයි කියලා ලතවෙනවා. අන්තිමට ඔක්කොම අමතක කරලා එක දත්තයක් ඉඩ තීරණය ගන්නවා. 

මොන තීරණයක් උනත් ඔච්චර තමා . machine model වලත් ගන්නෙ ටිකයි. 

ඇත්තටම ignorance එකෙන් තමා තීරණයකට එන්නෙ දන්න ටිකෙන් නෙමේ 😁.

#Overthinking

පුල් ශොට්


ස‍ංගා ගෙන් පුල් ශොට් එක හොදට ගහන්නෙ කෝමද ඇහැව්වා ම කියනවා. 

බෝලෙ එන විදිහට ගහන්න ,පුල් එකක් ගහනවාමයි කියලා හිතාගෙන හිටියොත් හොඳ පුල් එකක් ගහන්න බෑ ,මොකද හැම බෝලෙටම පුල් එකක් ගහන්න බෑ. බැරි ඒවටත් ඒකම try කරන හින්දා .

ජිවිතෙ උනත් පූර්ව නිගමන නැතුව (වැරදි කියලා දැනගෙන ) සෙල්ලම් කරන්න බලන්න .🙂

Generalize කිරීම


මේක තියෙනවා නම් මේ වගෙ වෙන්නම ඕන කියලා හිතාගන්න එක වැරදි.


generalize කිරීම 

අරක්කු/කුඩු බොන "එක" නරකයි කියලා කිව්වම

බොන "අය" නරකයි ලෙස ගන්න එක.


රැකියාව ගණිකාවක් නම් ඒ ගොල්ලො මනුස්සයන් ලෙස නොසැලකීම.

ඒකි බඩුවක් කියන තැනම එයා = යම් දෙයක් වෙලා ඉවරයි.


පස් පව් තියෙන්නේ ඔයාට පරිස්සම් වෙන්න ,අනික් අයව මනින්න නෙමේ.


(අ‍ංගුලිමාල , අම්බපාලි, සරකන්)

එයාගෙ චරිතය

 මම "එයා " උනානම් මම කියනවා හොඳ දෙකක්......


එහෙම හිතෙන වෙලාවට ඔයා එයාගෙ චරිතය රගපාන වෙලාවක් 😉

එතකොට අනික් වෙලාවට 🤔

#consumerism

 ඉස්සෙල්ලාම ක්‍රිකට් ගහපු හින්දා බැලුවා. දැන්  බලන හින්දා ගහනවා

#consumerism 

හැම සෙල්ලමම එච්චරයි

සාධාරණීකරණය කරගන්න

 අපිට මොනාහරි  කරන්න හිතුනම (මුලින්ම හිතෙන්නේ )

අපිට ඒක කරන එක සාධාරණීකරණය කරගන්න ඕන.

ගොඩක් ඒවා by default සාධාරණීකරණය වෙලා තියෙන්නේ . උදාහරණයකට- trip යන එක, කන එක.( මේවගෙ දෙවල් වලට විරුද්ධව කතා අඩුවෙන් ඇහෙන්නෙ , නැතිව නෙමේ)


හැබැයි මිනිස්සු වැඩිපුර රණඩු වෙන්නෙ අපෙ සාධාරණීකරණයට ගහන කොට.

අරයට චන්දය දැමීම.

රට/ල‍ංකාවට යන එක.

ආගම අදහන හෝ නොඅදහන එක.


මොකද අපි බයයි  , අපෙ මතය කැඩෙවි කියලා .


p.s. ඔකෙ කැඩෙන්න දෙයක් නෑ බන් ඕක /මේක කුඩු කෝමත්

Monday, April 8, 2024

මැණික්


මැණික් දැකලා අහලාවත් නැති කෙනෙකුට ඔයා ගාව වටින ගල් තියෙනවා ඒවාට කියන්නේ  මැණික්  කියලා කිව්වොත් එයා මොකද්ද කියන්නේ ?

කවමදාවත් දැකලා නැති දෙයක් විශ්වාස කරන්න බෑනෙ.

කියන්නේ තොට පිස්සු , ගල් කොහෙද බන් වටින්නෙ කියලා .

ආන් ඒවගෙ ඔයාට කාගෙ හරි වැඩක්  දැක්කම , 

වෙන්න බෑ මූ බොරු කියන්නේ , එහෙම මිනිසුන් ඉන්න බෑ කියලා හිතෙනව නම් බලන්න 

"සමහර විට " ඔයා මැණික් දැකලා නැති හින්දා වෙන්න පුළුවන් .

තත්පරය

 ඔයාගෙ තත්පරය මගෙ තත්පරය නෙමේ නම්. 

කාලය මෙ මොහොත අනුව වෙනස් වෙනවා නම්.

කාලය දෙන්නටම පොදුයි කියන්න බැරි නම්.

🤔🤔🤔🤔🤔

assumptions

 assumptions 

අපි බල්ලා අල්ලලා කෑමක් කන්න කලින් සබන් ගාලා අත හෝදනවා.

අපිට සබන් එකෙ තියෙන chemical ගැන පොඩි සැකයක් වත් නෑ.

අන්න ඒ වගෙ අපෙ මුල් බැහැල තියෙන උපකල්පන /assumptions ගැන එහෙම එකක් තියෙනවා කියලා වත් අපි දන්නෙ නෑ

3D chess

 


බුදුන්වහන්සේ එක තැනක කියනවා ඔය බලාගෙන ඉන්න තරු දැන් විනාශ වෙලා ඉවරයි .

ඔය ප්‍රකාශය ඇත්ත කියලා verify කරන්න පුළුවන් වුනේ මෙ ළගදි.

එහෙම බලන කොට කතාවෙ aww එක නැත්නම් අම්ම්ටහුඩු අවස්ථාව එන්නෙ අවුරුදු 2500 කට පස්සෙ . 

එහෙම පුදුම වෙච්චි කෙනා හොයනවා තව මොනාද කියලා තියෙන්නේ ....

ආන් එයාට හම්බෙනවා ලොකුම aww නැත්නම් අම්මටහුඩු අවස්ථාව .


ඒ වගෙ play එකකට කියන්න පුළුවන් 3D chess කියලා

පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක

 පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක.

ඌ එකෙ තියෙන double meaning එක තියා මතුපිට අර්තයවත් දන්නවා ද?

ඔයාට අවුල යන්නෙ ඔයා double meaning එක දන්න නිසා ද?

ඌ දන්න රන් කුඹු  😁

ඇත්තටම මන් දන්නෙත් නෑ.

internet එකෙත් නෑ 😉

උරහිසක් ඕන තැන

 මන් දැක්ක ලස්සන කතාවක් තියෙනවා .

උරහිසක් ඕන තැනකට බණක් කියන්න එපා ! කියලා 

බණ කියන්න කලින් නොමළ ගෙ කින් අබ ඇට ගේන්න කියන්නේ ඒකයි.

play vs game.

 

මම බබාට කියන්නේ සෙල්ලමක් කරගන්න තරගයක් කරගන්න එපා කියලා .

ගෝඨා ගෙ පොත

 ගෝඨා ගෙ පොත

අපි ලොක්කට හිනා වුනාට අපි හැමෝම ඉන්නෙ

 "මම" හරි කියන තැන.

p.s ඉස්සර මම වැරදි කියන කොටත් දැන් හරිදෙ දන්නවා කියලා අරගෙන .

මම වැරදි කියන තැන අහුවෙන්නෙම නෑ.

ඒ අයගෙ ස‍ංස්කෘතිය

 

ඒ අයගෙ ස‍ංස්කෘතිය 
අපෙ රාමුවට පිට හින්දා දුකක් විදිහට පේනවා 😁
එතකොට අපි කරන වැඩ? 😁😁😁
රාමුවෙන් පිට ඉන්න කෙනෙකුට අපි කරන දේවල් ?
උදාහරණයකට අවුරුදු 15 ක් විතර කාමරයක් අස්සෙ බෝඩ් එකක් බලාගෙන ඉන්න එක . බොලෙකට පොරකන එක. බෙල්ල හිර වෙන්න ටයි එකෙක් දාන එක. phone එක දිහා බලාගෙන ඉන්න එක.
කොටින්ම අපි කරන සියල්ල




කියවන බව

 මෙහෙම දෙයක් තේරිලා තියෙනවා ද?

ඔයා මේක කියවන කොට සාමාන්‍යයෙන් හිතෙන්නේ මම නිපුන් ලියපු එකක් කියවනවා කියලා ,

හැබැයි ඇත්තටම මේක කියවන බව තුල කියවන්නා ,ලියපු දේ, ලියපු කෙනා හමුවන බව.

මෙක කියවන බවට live experience එක නැත්නම්

 මෙ මොහොත කියන්නත් පුළුවන් .

වාද

 සමහර වාද සාකච්ඡාවල ඵලදායි බව අඩු අපි කෝමත් කතාවට එන්නෙ මම හරි කියලා පිහිටලා , දරාගෙන ඉන්න තියරි එකෙ අවුල පෙන්නුවම, ඔව් ඒක හරි "හැබැයි" කියලා ආයෙ එතැනටම පනිනවා . නැත්නම් ඉස්සෙල්ලා මම වැරදි දැන් මම හරි කියලා පොඩ්ඩක් වෙනස් එකක් බදාගන්නවා 😁


තමන්ට " හැබැයි "/but කියවෙන කොට පොඩ්ඩක් මීටරෙන් ඉන්න 😉

opportunity cost


අපි වියදම් කරපු කාලය /ශ්‍රමය /මුදල වෙන දේකට යොදවන්න තිබ්බ කියන ගොඩක් අයට හිතෙනවා.


ඒත් වෙනදෙයක් වෙන්න තිබුණා නම් ඒක වෙලා.


ඒහෙම පුළුවන්  වෙන්න නම් කාලය නිරපේක්ෂව තියෙන්න ඕන . එහෙම ද?

Tuesday, March 12, 2024

This is about me..or it might not about me!

I am called Nipun Madushanka Dasanayake, that is my name not me.

I have MBBS,Msc and MD, that is my educational qualifications not me.

I work as a Health informatician cum doctor , that is my job not me.

I am called Son, father , Nipun , machan, doctor so on, those are my rolles still not me.

These are pictures of me, do not get fooled still that is not me. 

Wednesday, February 28, 2024

Heaven and hell

 This is a zen koan.

When you read this you will think that I too get angry that is hell.

But real realization comes when you notice that anger comes out from nothing . 🙂

#කඩවර


Heaven and hell


A tough, brawny samurai once approached a Zen master who was deep in meditation.


Impatient and discourteous, the samurai demanded in his husky voice so accustomed to forceful yelling, “Tell me the nature of heaven and hell.”


The Zen master opened his eyes, looked the samurai in the face, and replied with a certain scorn, “Why should I answer to a shabby, disgusting, despondent slob like you? A worm like you, do you think I should tell you anything? I can’t stand you. Get out of my sight. I have no time for silly questions.”


The samurai could not bear these insults. Consumed by rage, he drew his sword and raised it to sever the master’s head at once.


Looking straight into the samurai’s eyes, the Zen master tenderly declared, “That’s hell.”


The samurai froze. He immediately understood that anger had him in its grip. His mind had just created his own hell—one filled with resentment, hatred, self-defense, and fury. He realized that he was so deep in his torment that he was ready to kill somebody.


The samurai’s eyes filled with tears. Setting his sword aside, he put his palms together and obsequiously bowed in gratitude for this insight.


The Zen master gently acknowledged with a delicate smile, “And that’s heaven.”

ඔය කතාව සාපේක්ෂයිනෙ.

 ඔය කතාව සාපේක්ෂයිනෙ. 

ගොඩක් අය ස්ථිර කරලා අල්ලගන්න තැනක් .


ඇත්තටම සාපේක්ෂයි කියන point එක අහුවුනාම ආයෙ කතා කරන්නත් දෙයක් නැති වෙනවා. මොකද සාපේක්ෂයක් ගේන්න point එකක් ස්ථිර කරලා හැබැයි point එකට ගියාම එක අරන් තියෙන්නේ වෙන point එකකට සාපේක්ෂ කරලා.......... . 

ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ දැනට ස්ථාවර කරගෙන ඉන්න  තැනට වදින කොට ඕක සාපේක්ෂයි කියලා ස්ථාවර කරන් ඉන්න point එක defend කරන එක.


ඔතන යටින් මට දැන් තේරිලා තියෙන්නේ හැගීමත් තියෙන්න පුළුවන්.

paper

 බබාගෙ homework එකකට paper වලින් හදපු දෙයක්  පෙන්නන  පුළුවන් කොලයක් තිබ්බෙ නෑ අනික් හැම material එකටම තිබ්බා 😁😉

සෝරත

 සෝරත

අපි හැම වෙලාවෙම අනුන්ගෙ සීනි කිරනවා. මෙයා කරපු වැඩෙ හොඳයි /නරකයි .


ඇත්තටම සීන් එක මේකයි. තරාදිය කැඩිලා 😮

😁


නිමිත්ත ටීවී එකේ ස්වාමින්වහන්ස කෙනෙකුට රගපාපු කෙනෙක් මහණ වීම.

කවුද පොර

 අපි ගොඩක් වෙලාවට මම පොර ,

එහෙම නැත්නම් එයා පොර ,

ඊට වඩා සෞම්‍යයි

අපි ඔක්කොම පොරොවල් කියන තැන.

ඇත්තටම කවුරුත් පොරවල් හො පොරොවල් නොවන්නෙත් නොවේ.

මේවා ඔක්කොම නාම

 මහායාන, හීනයාන ,තේරවාද මේවා ඔක්කොම නාම ,

එක කියවන කොට හැගෙන දේවල් රූප .(මහායාන මෙහෙමයි,තේරවාද මෙහෙමයි )

ධම්ම රූප

ඔය දෙක අතර සම්බන්ධයක් නෑ . සම්බධයක් තියේ කියල මේකේ හෑලි ලියන එක සසර .

හරියට අහු උනොත් මුකුත්ම කතා කරන්න බැරිවෙනවා එක නිවන .

මතක තියාගන්න මේකත් හෑල්ලක් හැබැයි මේක නොදන්නකම් ,

ඔය ඔක්කොම හෑලි ඇත්ත 🎶

ප්‍රශ්නයක්ම එලියෙන්

 හැම ප්‍රශ්නයක්ම එලියෙන් බලන කොට ගොන් පාට් එකක් .

 හැබැයි "තමන්ගේ" නම් පට්ට තාත්විකයි

risk



ල‍ංකාවෙ ගොඩක් අය කොච්චර option තියෙන කඩේකට ගියත් ගොඩක් වෙලාවට කන්නෙ fried rice.

Take a risk අලුත් දෙයක් කාලා බලන්න .

සමහර විට 

කඩෙ " ඕනම" දෙයක් තියෙන්න පුළුවන්😁

ඉගෙන ගත්තොත්

 ඉගෙන ගත්තොත් සතුට හම්බෙනවා කියලා උගන්නපු නිසා, ඉගෙන ගත්තොත්

තමන්ට වඩා සල්ලි තියෙන තමන්ට වඩා අඩුවෙන් ඉගෙන ගත්ත අය දැක්කම හීල් ලෙනවා , හොරකම් කරලා වෙන්න ඇති කියලා හිතෙනවා.

තමන්ට වඩා ඉගෙන ගත්ත එකෙක්ට සල්ලි තියෙනවා නම් ඒත් හීල් ලෙනවා ,කුහකයො විදිහට පේනවා.


සල්ලි වෙනුවට සතුට හම්බුනා නම් හීල් ලෙන්නෙ නෑ 

(ඇත්තටම එන්න එන්න හීල් ලෙන එක අඩු වෙන එක වෙන්නෙ)

සල්ලිකාර ලෝබයා

 සල්ලිකාර ලෝබයා

මෙහෙම කෙනෙකුට උදාහරණයක් තමා මට්ටකුණ්ඩලීගෙ තාත්තා මට මතක හැටියට.

එයාට එහෙම වුනා කියන්නේ .

 බුදු කෙනෙකුට දානයක් දුන්න හින්දා සල්ලි ,සම්පත්,

ඒ දුන්න දානයෙ තිබ්බ කැවුමක් අපරාදේ දුන්නෙ කියලා ඉල්ලගත්ත නිසා ලෝබ කමද ලැබුනලු.

එ කියන්නේ 

හිතෙන දේවල් කියන්නේ කර්මඵල 🤔

blind spot

 අපි වාහනයක් එලවන්නෙම හැප්පෙන්නෙ නෑ කියලා ශුවර් එකකින් . ඇත්තටම එතැන තියෙන assumptions /උපකල්පන ටික අපිට පෙන්නෙ නෑ. blind spot වගෙ








ස‍ංකල්ප

 ස‍ංකල්ප . බිත්තිය ඝණයක් කියන්නේම ස‍ංකල්පයක් . (පරමාණු වල වැඩි හරියක් තියෙන්නේ හිස් ඉඩ, (ඒකත් ස‍ංකල්පයක් )😁

ක්‍රිකට් ගහන

 ක්‍රිකට් ගහන කෙනෙක් සෙල්ලම් කරන වෙලාවෙ ,එලියෙන් බලන් ඉන්න විස්තර විචාරකයන් කියන්නේ වැල් බයිලාවක් . හැබැයි ක්‍රිඩකයා විචාරකය උන ගමන් බයිලා ගහන්න පටන් ගන්නවා. 


උදාහරණයකට batsman should take responsibility  . කෝමද එහෙම එකක් ගන්නෙ.

 අපි test ක්‍රිකට් ගහලා නැති හින්දා අපි බැට් කරද්දී  ගන්න බැරි දෙයක් ඒ ගොල්ලො ගන්නවා ඇති කියලා හිතන් ඉන්නවා 😁

මමත්වය

 මමත්වය 

නැති කරන්න කියලා කිව්වද?

නැත්නම් 

"සියලුම " "සියලුම" ස‍‍ංකල්ප වල තියෙන විකාර බව තවත් ස‍ංකල්පයකින් ගහලා පෙන්නුවා ද? 

කවුරුවත් පිස්සුවක් මගෙ කරගන්නෙ නෑනෙ 😉

Open mindset vs defensive mindset

 කවුරු හරි බැන්නාම

Open mindset එකෙදි බැන්නෙ ඇයි කියලා තමන්ගෙන් වෙන්න ඕන දෙ බලනවා. වෙන්න දෙයක් නැත්නම් එච්චරයි .

defensive mindset එකෙදි බැනපු එකාගෙ වැරදි "පේනවා", බැනපු විදිහෙ වැරදි "පේනවා "

Monday, January 29, 2024

හොරකම්

 හොරකම් කරන්නෙ ඇයි ?

"මම" සැප විදින්න.

හොරකම් නොකරන්නේ ඇයි ?

"මම" දුකකට(අපායකට )යාවි.   " මම" නරක කෙනෙක් වෙවි.


හොඳට බලන්න අවස්ථාව අනුව කරන දෙ වෙනස් වෙනවා මිසක් හේතුව වෙනස් වෙලා නෑ 😉

මටත් ඕකම හිතුනා

ඒකමයි මම කිව්වෙ . මාත් කියන්න හිටියෙ , මටත් ඕකම හිතුනා.

හොදටම වරදින තැන් .  මොකද හිතෙ මතයක් තියාගෙන අහනකොට ඒකමයි ඇහෙන්නෙ . දෝ‍ංකාරය

පොලිසිය වෙඩි තැබීම

 පොලිසිය වෙඩි තැබීම 

අපි ඔය සිද්ධිය දිහා බලන්නෙම "මගෙ" අතින් මිනිහෙක් මැරෙන්නෙ නෑ " කියලා දරාගෙන .


මොකද සර්පයා හම්බුනාට අදුනගන්න අමාරුයි 😉

නාස්ති කරන්න හොඳ (වෙන වැදගත් වැඩක් තියෙනවා ) න vs විනෝද වෙන්න ඕන

 නාස්ති කරන්න හොඳ (වෙන වැදගත් වැඩක් තියෙනවා ) න vs විනෝද වෙන්න ඕන 

 

අපි බඩුවක් ,ගමනක් වෙනුවෙන් සල්ලි වියදම් කරන කොට මේ සිතුවිලි දෙක  හම්බවෙනවා.

ඕකෙ balance එකක් තියෙනවා ද? 😁🤣🤣

පිස්සු ද දෙකෙන් එකයි එක වෙලාවකට තියෙන්නේ .

balance උනොත් හෙන අමාරුවෙ ගන්නත් ලෝබයි. නොගන්නත් ලෝබයි.

කුණුහරුපයක්

 කුණුහරුපයක්

කුණුහරුපයක් වෙන්නෙ ඇයි 🤔?

ඔක්කොම  ඇගෙ කොටස් නැත්නම් ක්‍රියාවක්

කුණුහරුපයක් හැදෙන හැටි කෙටියෙන් . full episode එක පුළුවන් නම් බලන්න .

https://youtu.be/OLjtbavBzvo?si=Z6kWpw8Ocl45ifF4

මායිම

 ගමේ මායිම දන්නවා ද ? දිස්ත්‍රික්කය මායිම , පළාත් මායිම ?

මායිමෙ ඉන්න කෙනාට, ලග කඩේ ද? අනෙක් පළාතේ කඩේ ද?

මායිම හදාගත්ත එකක් හින්දා ඇත්තටම තියෙනවා ද?

dunki film එකෙ රටවල් තියෙද්දි boder crossing ලේසි කරන එක ගැන කතා වෙනවා. ඒත් රටවල් කියන රාමුව තියෙන කම් බාදාව තියෙනවා .🤔

එතකොට ගෙදර මායිම 😉

විකාරයක්

 විකාරයක් 

කියන්නේ අපිට   දන්න දෙවල් වලින්  පිලිගන්න පුළුවන්  කතාවක් නිර්මාණය වෙන්න නැති සිද්ධියක්

විනාශය

 මැක්කො ඉන්න පුසෙක්ට මැක්කො හැලෙන්න බෙහෙත් දානවා

එතැනදී පුසාගෙ level එකෙන් හොදක් උනාට මැක්කගෙ level එකෙදි විනාශයක් .

අපි ස‍ංවෙදි වෙන level එකෙන් ඕකට ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන් 🤔.

ලොකෙ හැම දෙයක්ම එහෙම නම්

උදා ඊශ්‍රායල් පලස්තීන ,කොටි vs ල‍ංකාව , 

අර යාලුවා vs මෙ යාලුවා

doctorව හම්බවෙන්න

 කාට හරි Dr නිපුන් හම්බෙන්න ඕන නම් ලෙඩෙක් වෙන්නම වෙනවා නැත්නම් හම්බවෙන්නෙ වෙන නිපුන් කෙනෙක්  .😉

ලෙඩෙක් නොවන කෙනෙකුට දොස්තර කෙනෙක්ව හම්බෙන්න බෑ . ම‍ං හැසිරෙන විදිහට වඩා ඔයාට මාව හම්බෙන විදිහ ගැන කියන්නේ 😉

අවර්ණ

 කලු සුදු අලු මිනිස්සු ඉන්න ලෝකෙ 🤔🤔

සමහර විට ලොකෙ අවර්ණ ඇති  .

 මෙ පැත්තෙන් ගහන light එකට පාට පාටට ලෝකෙ පේනවා වෙන්න ඇති 😉

දන්නෙ නෑ කියලා ගන්න

 ඔයා සතුට කියන දේ දන්නෙ නෑ කියලා ගන්න . ඒ ගැන දන්නෙම නෑ.

එහෙනම් ඔයාට මන් සතුටින් කියලා හොයාගන්නම බෑ. මොකද දන්නෙ නැති දෙයක් අදුනගන්න බෑ.

ලොකෙ හම්බෙන හැමදේම ඒ  වගෙ වෙන්න පුළුවන් 😉

Sherlock homes වගෙ හිතෙන්නේ කෝමද ?

 Sherlock homes වගෙ හිතෙන්නේ කෝමද ?

අපි කෝමත් හිතෙන්නේ ඒ වගෙ. binary thinking . ඕනම නිරීක්ෂනයකට තියෙන්නේ පුළුවන් එක නිගමනයක් විතරක් කියලා හිතාගෙන ඉන්නෙ. ඒක හරි ද? 🤔😉

චැටා (chatGPT )

 චැටා (chatGPT )

ඔයා ඊලගට හිතන කතා කරන වචනය කලින් දන්නෙ නෑනෙ ,ඒත් කලින් වචන වලට ගැලපිලා මැජික් එකක් වගෙ එනවා නේද ?

chatGPT එකෙ වෙන්නෙ කලින් වචන වලට ගැලපෙනම වචනය type වෙන එක(ලු)

මට හිතෙන්නේ චැටා (chatGPT ) කියන කතා වල මිස් වෙලා තියෙන point ටික අල්ලන්න පුළුවන් නම්. කරන්න ඕන වැඩෙ පැහැදිලිව චැටාට කියන්න පුළුවන් නම්.

සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් .


AI model වල උත්තර train කරපු දත්ත මත රදාපවතින්නෙ .

චැටා (chatGPT ) ඔච්චර පණ්ඩිත උත්තර දෙන්නෙ ඒක train කරලා තියෙන්නේ ඉතා විශාල දත්ත ප්‍රමාණයක් පාවිච්චි කරලා . 

එයාගෙ උත්තර අලුත්ම අලුත් උනත් පරණ දැනුම ගෙඩි පිටින් ගෑවිලා තියෙනවා .

ඉතින් අපි වෙනස් ද?

ඔයා වෙනස් ද?

මිනිසුන්ට පීනන්න බැරි 🤔

 මිනිසුන්ට පීනන්න බැරි 🤔

ගිලෙන්නට බය හින්දා  😁

නැත්නම් අච්චර තඩි අලි පීනන්නෙ 😉

class ගිහින් ද?🤣


ඇත්තටම අනාගතයෙ ගිලෙන්නට පුළුවන් කියලා දන්න හින්දා . දැනුමක් ඔයාව limit කරන්නෙ 😉

0

 0 ඇත්තටම මාර concept එකක්.

අපි කිව්වට මොනව හරි 0 කිව්වට ඇත්තටම මොනවහරි 0 කියලා කියන්න බෑ.

ඕනම දෙයක් 0 වැඩි කරොත් බින්දුවයි. අනික් හැම ඉලක්කමම තියෙන්නේ 0 හින්දා හැබැයි 0 අනික් හැමදෙටම වඩා වෙනස්

ලොකු ගෙවල්

 ලොකු ගෙවල් 

හදපු අය කීදෙනෙක් දැන් රටද?


ඔයා දැන් කරන වැඩේ එතකොට 🤔

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...