Thursday, November 6, 2025

මනස

 මනස 

මනස කිව්වම ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ සිතුවිලි නැත්නම් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් නොකඩවා යන  කියවිල්ල (monologue) එකට කියලා. එක ඇත්තටම පොඩි කොටසක් විතරයි.

ලෝකේ මනසින් හදාගන්නවා කියනකොට ලෝකය කියලා දකින රූප ශබ්ද සුවද රහා , ඒවා උඩ හැදිලා තියෙන නීති , ගම්‍යතාව, ගුරුත්වය වගේ සංකල්ප එකක් වත් මනසින් වෙන් කරන්න බෑ.

මනස නොවන්නක් තියෙන්න පුළුවන් ද?

පිස්සෙක් කාව හරි මැරුවොත් පව් නැද්ද

 කෙනෙක් අහලා තිබ්බා පිස්සෙක් කාව හරි මැරුවොත් පව් නැද්ද කියලා.

 ඔයාගේ අතින් කවුරු හරි මරන්න වෙන්නේ ඇයි ?..................................

කොහොම උනත් මරන්න වෙන්නේ එක්කෝ "මට " කරදරයක්( ද්වේශය) / වාසියක් (තණ්හාව)වෙන නිසා හෝ " මගේ" කාට හෝ කරදරයක්/ වාසියක් වෙන නිසා නෙමේද?

අනාත්ම ලක්ෂණය ඇත්ත නම් "මම "කියන්නේ මිරිගුවක් ඇත්තට නැති දෙයක් , ඇත්තට නැති දෙකට මිනි මරන්නේ කොමත් පිස්සෝ . පිස්සු නැතුව මරන්න මැරෙන්න පුලුවන්ද?

එකයි සබ්බේ පෘතක්ජනා උම්මත්තකා කියන්නේ. 

P.S. 

කර්මය කියන එක එකක් මේක කියවන වෙන එක එකක් කියල හිතන් ඉන්න එක වැරදි.

මේ කියවන බවම තමා කර්ම පලය ( මේ අත්දැකීම හා සියලුම අත්දැකීම් ).

මේ කියවන බවම තමා කර්ම රැස් වීම ,

මන් මොනා ලියලා තිබ්බත් ඔයා දන්න දැනුම / ඇස තමා වචන ටිකට තේරුම දෙන්නේ ඔයා මේ කියවන අත්දැකීම හදලා දෙන්නේ . එක තමා කර්මය පල දීම

කියවන අත්දැකීම ඔස්සේ ඔයාගේ දැනුම, සිතුවිලි update වෙනවා , එක කර්ම රැස් කිරීම.

කර්මයෙන් වෙන්ව අත්දැකීම් නෑ .

අරයට එහෙම උනේ කියලා බලලා මේක ලිහන්න බෑ .

ඔබගේ ප්‍රශ්නය ගත්තොත් . ඔයාගේ අතින් කවුරු හරි මරන්න වෙන්නේ ඇයි ?..................................

කොහොම උනත් මරන්න වෙන්නේ එක්කෝ "මට " කරදරයක්( ද්වේශය) / වාසියක් (තණ්හාව)වෙන නිසා හෝ " මගේ" කාට හෝ කරදරයක්/ වාසියක් වෙන නිසා නෙමේද?

අනාත්ම ලක්ෂණය ඇත්ත නම් "මම "කියන්නේ මිරිගුවක් ඇත්තට නැති දෙයක් , ඇත්තට නැති දෙකට මිනි මරන්නේ කොමත් පිස්සෝ . පිස්සු නැතුව මරන්න මැරෙන්න පුලුවන්ද?

එකයි සබ්බේ පෘතක්ජනා උම්මත්තකා කියන්නේ

ලංකාව පට්ට

 ලංකාව ඇතුලේ ඉන්නකම් හිතෙන්නේ ලංකාව පට්ට කියලා.

ඒක වෙනස් වෙන්න රට එන්නම ඕන.

ලංකාව ඇතුලේ ඉන්නකම් හිතෙන්නේ පිටරට පට්ට කියලා.

ඒක වෙනස් වෙන්නත් රට එන්න ඕන.

ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ පිටරට එනකොට කර තියාගෙන ආපු මතයේ තව හිරවෙන එක.

කලාතුරකින් එකකින් බැහැලා අනිකට ගොඩවෙනවා.

ඉතා කලාතුරකින් කෙනෙක් දෙකෙන්ම බැහැලා යනවා.

ඊටත් විය සිදුරෙන් කණ කැස්බෑවා හද දැක්කා වගේ......




දන්න දැනුම ඔක්කොම අමතක උනොත්

ඔයා දන්න දැනුම ඔක්කොම අමතක උනොත් මොකද වෙන්නේ?

දැන් ඉපදුන ළමයෙක් වගේ? 

ඇල්සයිමර් හැදුන කෙනෙක් වගේ.

මගේ නම , ආගම , ජාතිය නැත්නම් මම නැද්ද?

ඔයාට තේරෙන මමත්වය හැදිලා තියෙන්නේ දැනුම උඩ උනාට ඒ ටික විතරක් නෙමේ මමත්වය කියන්නේ. ඒකයි ඇල්සයිමාර් හැදුන කෙනෙක් නිවන් දකින්නේ නැත්තේ.

අපිට තේරෙන මමත්වය original මමත්වය පැටියෙක් විතරයි

 

UK ඩ්‍රයිවින් පට්ට

 UK ඩ්‍රයිවින් පට්ට ලංකාවේ ඩ්‍රයිවින්  අන්තිමයි කියන කොට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු හරියට drive කරන්නේ නෑ කියල එන්ගලන්තේ අය හොදට එළවනවා කියලා  , හැබැයි ඔයාට එක්කෙනෙක් මිස් වෙනවා.



සබ්බ හෙවත් සියල්ල

 

සබ්බ හෙවත් සියල්ල 
සියල්ල කියන හැගීම කොච්චර සියල්ලට ළගද  කියන එක මත ගැලවීම තීරණය වෙන්න පුළුවන්.
උදාහරණයකට 
පහළ පින්තුරය optical illusion එකක් කියලා තමා දැක්කම හිතෙන්නේ . කොම බැලුවත් පාට දෙකක් කියල හිතෙන A , B  කොටු දෙක ඇත්තටම එකම පාට . (photo)
ගොඩක් අය ඔව්නේ බලන්නකෝ මොළය A  හා B  කොටු වෙනස් පාට වලින් පෙන්නනවා නේ මාරයි.🙂
සමහර අය, ඉතුරැ කොටු ටිකත් එහෙම ද එතකොට?
තව ටික දෙනෙක්, අප්පා එතකොට පේනවා කියන සිද්ධියම ?
ටික දෙනෙක් , එහෙනම් මේක මොළය හදලා දෙනවා කිව්වට අපිට මොළයක්  තියෙනවා කියල පෙන්නලා තියෙන්නේ optical illusion එකේම ද?🤔
දත්ත ගන්න තැනම අවුලක් නම් දත්ත වලින් හදපු කතාව?
ඊට පස්සේ හොයන්න ගන්නවා මොකක්ද seen  එක කියලා.☺️

සියල්ල ගැන interset නම් russell's paradox. කොමද කුලකය අදින මනංකල්පිත රේඛාව ඉතුරු වුනොත් සියල්ලට අහු නොවී එකත් ප්‍රශ්නයක් වෙන්නේ කියලා

Monday, August 4, 2025

පන්සිය පනස් ජාතක කතා

 පන්සිය පනස් ජාතක කතා

ඔය කතා සෙට් එකේ තියෙන්නෙ බුද්ධත්වය ලබන කෙනෙක්ගේ ගති ස්වභාවය මෙහෙමයි කියලා පෙන්නන.
කාට හරි එක වැඩක් නෑ කියලා හිතේ නම් තව පොඩ්ඩක් බලන්න වටිනවා. මොකද ස්වභාවය හැදෙන එක වැදගත්ම

බුදුන් උඩින් වැඩිය ද

 බුදුන් උඩින් වැඩිය ද

ඒවා කතා විතරයි කියලා කියනවා හිතිලා, අහලා ඇති.
ඔතන්දි සිත මායාවක් ඒත් භෞතික විද්යාව ඇත්ත කියලා හිතිලා තියෙන්නේ

අදහසක්

 අදහසක් මගේ කියලා හිතුණාට ඇත්තවශයෙන්ම අදහසක් කියන්නේ කලින් අදහස් වලින් හැදෙන දෙයක්නේ අයිතිය කාටවත්ම නැති වගේම හැමෝටම අයිති දෙයක්

Monday, July 21, 2025

නාම පදයක් , ක්‍රියා පදයක්, විශේෂණ පද

 නාම පදයක් , ක්රියා පදයක්, විශේෂණ පද

අපිට වචන මෙහෙම බෙදන්න පුළුවන් නේද?
එත් ඇත්තටම "දුවනවා " කියන්නේ දුවනවා කියන සිද්දියට කියන "නම"
"නිල් " පාට කියන්නේ පාටේ " නම" විශේෂණ පදයක් කිව්වට .
ඇත්තටම බැලුවොත් "ඔක්කොම" නාම පද වල විභේදනයක් .
🤔🤔🤔🤔
(නාම රූප කියල තියරි කියන කොට "සියල්ලම" අහුවෙනවා )

මැනුවල් එකක් ඕන නැති

 ඉතිහාසයේ මැනුවල් එකක් ඕන නැති තැනක මැනුවල් එකක් ලියපු පලවෙනි අවස්ථාව දන්නවද?

ලස්සන අහසේ කුරුල්ලන් හයියෙන් පියාබනවා. කියල කියන්න පුලවන් පොඩි එකාට " කුරුල්ලා නාම පදයක්, පියාබනවා ක්රියා පදයක් " කියල කියාදෙනවා ,
හොදට භාෂාව හසුරුවන්න පුළුවන් එකාට භාෂාව කොටස් වලට බෙදලා නම් දාලා පාඩම් කරපන් කියනවා.

Wednesday, January 1, 2025

පොඩි නමට බෙදුව නම්!

 අහපු ලස්සන කතාවක් .

සාමාන්‍යයෙන්  ස්වාමින්වහන්සේලා තමන්ට යමක් ඉල්ලන්න නෑ මට මේක දෙන්න කියලා . 

ඉතින් දානයකට ස්වාමින්වහන්සේලා වැඩලා දානෙ වලදන කොට ලොකු ස්වාමින්වහන්සේට කෑමක් තව පොඩ්ඩක් තිබ්බොත් හොඳයි කියලා හිතිලා . ඉතින් තමන්ට ඉල්ලන බැරි හින්දා අනුන්ට ඉල්ලන්න තහනමක් නැති හින්දා .

පොඩි නමට පරිප්පු මදි වගෙ පොඩ්ඩක් බෙදුවානම් කියලා කියලා. මදි පාඩුව බෙදන්නෙ හැමෝටම හින්දා ලොකු ස්වාමින්වහන්සේටත් හම්බවෙනවා .



අපි ගොඩක් අය ලොකු ස්වාමින්වහන්සේ වගෙ තමා 😁🤔.

ළමයි හින්දා රට යනවා.

ළමයි හින්දා කෑම කන්න යනවා.

wife /husband හින්දා .

etc. 


ඕකෙ අවුල එහෙම කියන වෙලාවට අපි අපිට අව‍ංක නෑ .🙂🙂

"1" කියන්නේම ස‍ංකල්පයක් නම් !!!! ගණන් ගැන කවර කතා ද?

 අපි දුවන්නෙ දැනුම/දත්ත ඔස්සෙ ,දත්ත කිව්වාම සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ දත්ත උඩ. දැකපු ඇහුන දැනුන සියල්ල .

මෙ දැනුම සියල්ල හැම විටම ගන්නෙ වෙන දැනුමකට සාපේක්ෂව /relative . "අ" කියන්නේ "අ" "නොවන" සියල්ල සාපේක්ෂව/relative . හැම දැනගැනීමම එහෙමයි.

එතකොට කිසිම දැනුමක් තනියෙන් පවතින්නේ නෑ , කිසිම දැනුමක් සියල්ලෙන් වෙන්ව කතා කරන්න බෑ.

තනියෙන් තියෙන්නේ නැත්නම් ඒක නිත්‍යව තියෙනවා කියන්න බෑ.

"හැම" දැනුමක්ම නිත්‍ය නැත්නම් ....

දැනුමෙන් හදාගත්ත කතා , ස‍ංකල්ප ගැන කවර කතා ද?


"1" කියන්නේම ස‍ංකල්පයක් නම් !!!! ගණන් ගැන කවර කතා ද?

 imho 

බුදුන්වහන්සේ අනාගතය කිව්වෙත් ටිකක් මේ වගෙ. මේ සිතුවිලි රටාව බලලා ඊලග සිතුවිලි රටාව කියන්න පුළුවන් .


https://techxplore.com/news/2024-12-ai-frontier-intentions.html

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...