මගෙ
මගෙ කෝප්පය
මගෙ ගෙදර
මගෙ රස්සාව
මම නෙමෙයි නේද ???
එතකොට
මගෙ සිතුවිලි !!!!!
😊
ඒකත් එහෙම්මයි !
මමත්වය මායාවක් කියලා අහලා ඇති .
ඒකෙ ඇත්ත බොරු තේරුම් ගන්න පුලුවන් "බව" එතකොට ........
දිගහැරුම
මට තේරෙන මමත්වය හැදිලා තියෙන්නේ සංකල්ප උඩ. ඒ හින්ද සිරුර කියන්නෙ ඔයාද? සිත කියන්නෙ ඔයා ද? ඔයාගෙ නම ඔයාද? රැකියාව ඔයාද?
ඔය වගෙ ප්‍රශ්න අහලා බැලුවම ,මමත්වය හෙල්ලෙනවා.
ඒත් ඒක තේරුම්ගන්න පුලුවන්කම, හැකියාව එහෙම්ම තියෙනවා 🤔.
මමත්වයක් තියෙනවා හො නෑ හො තේරුම් ගන්න පුලුවන් හැකියාව තමා හැබෑ මමත්වය ,ආන් ඒ හැකියාවත් සකස්වීමක්
මනුස්සයෙක් දැක්ක ගමන් අපිට judgment එකක් එනවා හොද කෙනෙක් ද නැද්ද කියලා . විද්‍යාවට අනුව ඉස්සර යාලුවෙක් ද තරහා කාරයෙක්ද නැද්ද කියලා මැනීම survival එකට වැඩගත් .
එත් මනුස්සයා හම්බෙන්නෙම judgment එකක් එක්ක . අපෙ confirmation bias එක හින්ද ස්ථීර කරගන්නවා . හොදට බලන්න judgment එක හිතලා ගන්නවා ද ? ඉබෙම එනවද?.
Gut feeling එක කියලත් කියනවා . හේතුවක් පෙන්නන්න බැරි හින්ද
මන් මෙ තීරණය ගත්තෙ මේ හින්ද ,
කියලා එන උත්තරය දිහා හොදට බලන්න .👀 critically ඇයි කියලා අහලා බලන්න .
ඒ සාධාරණීයකරණයට (justifcation) තව හේතු හම්බවේවි . ඒ හේතු වලට තව හේතු. ඉවරයක් නෑ, පදනම හිස් ද ?.
Hint - අපි හේතු කියන්නෙ හේතු නොවන හින්ද වෙන්න පුලුවන් .....
TV එකේ ඕන ෆිල්ම් එකක් පෙන්නන්න පුලුවන්
සිතුවිලි කියන්නෙ film එක නම්
සිත කියන්නෙ TV එක.
අපි හිතුවට සම්භාව්‍ය film විතරක් පෙන්නන්නවා කියලා ,අසභ්‍ය ෆිල්ම් ඕන වෙලවක තිරගත වෙන්න පුලුවන් . 😉
සිහියෙන් හිටියොත් film එකෙ intro දාන කොට සමහර විට මීටර් වෙන්න පුලුවන්
මම දැන වෙනස් මිනිහෙක් !
අපිට හිතන් ඉන්න ego/ මමත්වය වෙනස් වෙන බව අහුවෙනවා සමහර වෙලාවට. වෙනස් වන බව නිරීක්ෂණය කරන්න තියන හැකියාව නිත්‍ය කියලා ගැනෙන බව අහුනොවි. 🙂
Y=MX
X = නව දත්තය/සිද්ධිය
M= ඇත්ත කියලා හිතන් ඉන්න මතය/දෘශ්ටිය
Y=MX
Y = අත්දැකීම
උදාහරණයක් ගත්තොත්!
X = රැවුල වවන් ඉන්න තරුණයෙක්
M= රැවුල වවන් ඉන්නෙ රස්තියාදු කාරයො
Y=MX
Y= රස්තියාදු කාර කොල්ලෙක්
X = රැවුල වවන් ඉන්න තරුණයෙක්
M= රැවුල වවන් ඉන්නෙ පට්ට dial (nipun wage)
Y=MX
Y= එල කොල්ලෙක්
ලස්සනම වැඩෙ ඔය Y එකෙ අගය ඊලග M එකේ අගය වෙනස් කරනවා
X = තරුණයා හිනා වෙනවා
M= රස්තියාදු කාරයෙක්(කලින් හිතුන දේ)
Y=MX
Y= හොර හිනාවෙ කැත
X = තරුණයා හිනා වෙනවා
M= එල කොල්ලෙක්(කලින් හිතුන දේ)
Y=MX
Y= පට්ට හිනාව
M ශුන්‍ය භාවයෙන් හමු උනොත් ,
උදාහරණයකට බොක්කෙන්ම තේරුනොත් මිනිස්සු බාහිරෙන් මනින්න බෑම කියලා
X= රැවුල වවන් ඉන්න තරුණයා
M= බාහිර පෙනුම අදාල නැත
Y=MX
Y= මනුස්සයෙක්
🙂
අත්දැකීම (Y) ලැබෙන්නෙම රැස් වෙලා තියන M අනුවමයි.
අත්දැකීම (Y) , දෘශ්ටිය(M) ස්ථාවර කරනවා.
දෘශ්ටිය හේතුවක් වෙනවා අත්දැකීමට, අත්දැකීම හේතුවක් වෙනවා දෘශ්ටියට .
M (දෘශ්ටිය ) වෙනම අහුවෙන්නෙ නෑ.
අත්දැකීමට සිහිය තිබ්බොත් M වෙනස් වෙන හැටි පොඩ්ඩක් පේන්න පුලුවන්.සිහිය කියන අත්දැකීම (Y) පෙන්නලා දුන්නොත් M සකස් වෙවි වෙවි තියෙන්නේ ස්ථාවර නෑ ,හිස් කියලා
එදාට Y (අත්දැකීම ) , M ගෙවන්න input දෙනවා. M , Y ගෙවලා දානවා 😁
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...