වල් ගහක්.
"ඔයා" කැමති නැති තැනක තියන ඕන ගහක් වල් ගහක් වේ.
ප.ලි අනික් සිද්ධිත් ලොකු වෙනසක් නෑ. අකමැති වෙලාවට වහින වැස්ස ජරා වැස්සක් වන අතර කැමති වෙලාවට මරු වැස්සක්වේ.
වල් ගහක්.
"ඔයා" කැමති නැති තැනක තියන ඕන ගහක් වල් ගහක් වේ.
ප.ලි අනික් සිද්ධිත් ලොකු වෙනසක් නෑ. අකමැති වෙලාවට වහින වැස්ස ජරා වැස්සක් වන අතර කැමති වෙලාවට මරු වැස්සක්වේ.
කර්මය යෙදෙන්නෙ event එකට.
හොරකම් කරලා අහුවෙලා හිරේ යනවා කියන "අඩුම" event තුනක්. ඒ ඒ event එක වෙන්න කරුණු පෙලගැහුනම ඒ ඒ විදිහට වේවි .
(ඇත්තටම මේ මොහොත පහල වෙන්න තමා කර්මය ඉන්ධනය වෙන්නෙ 😉)
ඇත්තටම එහෙම දත්තයක් නැත්නම් .
එන එන දත්තයට කතාවක් හදන එකනම් වෙන්නෙ. සාපේක්ෂ දත්ත වලින් හදන කතාවක් මිස the truth නැත්නම් .
ඉස්සෙල්ලා මට වැරදුනානේ ,දැන් හරි කියන එක repeat වෙන එක නම් වෙන්නෙ ?🤔
දේශපාලකයන්, අපිව බෙදුවා
දෙමළ ,සිංහල, මුස්ලිම් කියලා කියද්දි
දේශපාලකයන් හා අපි කියලා
බෙදෙනවා කියන එක මිස් වෙනවා
😁
Binary එකෙන් බේරෙන්න අමාරුයි
පොඩ්ඩක් slow වෙලා හිමීට ජිවිතෙ දිහා බැලුවොත් පෙනේවි . අපි හිතන් /දැනන් ඉන්න logic එකට ලොකෙ වෙන්නෙ නෑ කියලා. එතකොට තව logic එකක් හොයන්න වෙනවා ඒක විස්තර කරගන්න . ඉවරයක් නෑ 🙂
සිද්ධියට පස්සෙ කතාව
ඕනම දේක මුලින් වෙන්නෙ සිද්ධිය ,ඊට පස්සෙ තමා ඒක වුනේ මෙහෙමයි කියන කතාව හදන්නෙ වෙච්ච දේ තේරුම් ගන්න. අපි කතාව කලින් ඉදන්ම තිබ්බා කියලා ගන්නවා ඉබේම ,කතාවෙ තිබ්බ අඩුපාඩු මිස් වෙනවා.
කතාවක් ගොඩනගන්න බැරි සිද්ධි magic වෙනවා.පෙරදිග ,අපරදිග ඕන එකක.
අපිට හිතන්නෙ ගුරුත්වාකර්ෂණය හින්ද පොලවට වැටෙනවා කියල.
ඇත්තටම වැටෙන එකට හදපු කතාව තමා ගුරුත්වාකර්ෂණය. (අපි ඒක හොයාගෙන ඉවරයි කිව්වට තාම එ ගැන සෑහෙන්න පර්‍යෙශණ වෙනවා; ඉවර වෙන එකක්නම් නෑ.පර්‍යෙශණ ඇතුලෙ හම්බෙන සිද්ධි වලට අලුත් කතා එකතු වෙනවා)
ඇත්තටම ගත්තොත් පැහැදිලි කරන්න කතාව ,සිද්ධිය කියලා ගත්තට..කතාව කියන්නෙත් සිද්ධියක්.
උදාහරණයකට කාව හරි දැක්කම මෙයා හොද කෙනෙක් හො නරක කෙනෙක් කියලා අදහස් පහල වෙන එක. කතාව ගොතන එකට වැඩිය, පහල වෙනවා වගෙ
සාමාන්‍ය ජිවිතෙ තමන්ට තමන්ගෙ වෙස්මූණු ගැලවෙනවා අහුවෙනවා නම් ....
වෙස්මූණු - මම අසවල් කෙනා ලෙස හදුනාගැනීම. මම තාත්තා ,ඩොක්ටර් ,පුතා, බෞද්ධයෙක්.
කොටින්ම මම ________කෙනෙක් කියන හදුනාගැනීම. එ නිසාම රගපෑම.
තනියෙන් ඉද්දි තනියෙන් ඉන්න මම චරිතය 😁 හරි රගපාන්න වෙනවා
ප.ලි. යාලුවෙක් දුන්නා උත්තරයක්
සැබෑ මුහුණක් නෑ කියන තැන වෙස් මුහුණු කියන සoකල්පය අහෝසි වෙනවද මන්දා.
ඒ ඒ අවස්ථාවට පෙන්නන මුහුණ ඒ ඒ අවස්ථාවට අදාලව සැබෑ මුහුණක්.
බොරුවක් කරන කෙනෙක්ට නම් ඉතින් සැබෑ මුහුණට උඩින් වෙස් මුහුණක් තියෙනවා වෙන්න පුලුවන්.
සියල්ල අවබෝධ කරපු කෙනා සියල්ලෙන් නිදහස් නිසා වෙස් මුහුණක් දාන්නවත් මුහුණක් නෑ කියලා තේරුම් අරන් ඉන්නවා ඇති.
තේරුමක්ම නැති දෙකත් තේරුමක් හොයාගන්න පුලුවන් නම් තේරුමක් තියෙනවා කියලා ගන්න දේවල් වල තේරුමක් තියෙනවා ද ? 🤔
අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...