Wednesday, December 6, 2023

විද්‍යාව හා මගේ සත දෙක

 

කුඩා කල සිට විද්‍යාව මාරයි කියන  සංකල්පයේ හිටපු කෙනෙක් විදිහට මේකේ පොඩි අවුලක් තියෙනවා කියන පරිවර්තනයට ආසන්නතම හේතු මෙසේ ලියා දක්වමි. 


ඉගෙනීම් කටයුතු වෙනුවෙන් data science හා වෛද්‍ය විද්‍යාවේ යොදාගැනීම ගැන පිළිගත් විශ්වවිද්‍යාලයක course එකක් කරද්දී වෛද්‍ය විද්‍යාවේ තියන golden research method එක වන random control test .(මිනිසුන් දෙකට බෙදා එක් කොටසකට බෙහෙත් ද අනික් කොටසට බෙහෙත වගේ දෙයක් දෙනවා) එකෙන් තමා බෙහෙත් වැඩක් තියෙනවා කියලා කියන්නේ. 

80% වඩා බෙහෙත් පර්යේෂණ වල reproducibility crisis කියලා දෙයක් තියෙනවා . එකියන්නේ research එකේ කතාව ආයේ කරලා බැලුවොත් වෙනම කතාවක් එන්නේ .

ඉතින් ඔය ගැන  කියද්දී prof කෙනෙක් කිව්වා RCT වල නොකියන assumptions(රාමු) තුනක් තියෙනවා.

1. ලෝකේ ඉන්නේ හැම මනුස්සයාම සමානයි. (physiology)

2. ලෙඩේ හොද වෙන්න එකම හේතුව දෙන බෙහෙත විතරයි.

3. බෙහතෙ තියෙන්නේ ඒ effect විතරයි


මට එක තේරුණ වෙලාවේ මට හිතුනේ මොන බොරුවක්ද මේ. ඔය තුනම පට්ටම බොරු නේද ? කොමද ඔය තුන මත ඉදන් generalized කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්නේ ? වෙන්නම බැ . statistics (කියන කතාවෙන් කරන්න බැරි දෙයක් generalized කරනවා. ඔයාට හරියන බෙහෙත මට හරි යනවද කියන එක predict කරන්නම බැ. වෙන එකක් තියා මට අද හරිගිය බෙහෙත මට හෙට හරියවිද කියන්නවත් බෑ. මොකද මගේ physiology අද තිබ්බ දේ හෙට වෙනස් වෙනවා. අපි හොයන්න හදන්නේ නැති දෙයක් කියලා වැටහීමක් ආව.


එත් සමගම කියෙව්වා Doctoring Data Kendrick, Malcolm. කියලා පොතක්. එක කියෙව්වම තේරුනා research කරන අයත් මාර විදිහට ඇදගෙන ඉන්නේ කියලා. Mortality studies වල තියෙන අවුල එකේ හොදට පැහැදිලි කරලා තියෙනවා.

Friday, November 3, 2023

ස‍ංස්කෘතිය

 ස‍ංස්කෘතිය

ඔයාට ස‍ංස්කෘතිය කියන්නේ මොකද්ද ?


මට නම් මන් ඉන්න සමාජයේ අනික් අය මොනාහරි ගැන මෙහෙම හිතනවා ඇති කියලා මම හිතන් ඉන්න දේ.


උදා - අනික් අය පාරෙ කිස් කරන එක  නරක දෙයක් කියලා හිතෙනවා ඇති 🤔(මීට මම)

වරදකාරයෙක්

 වරදකාරයෙක් ඉන්නමම ඕනෙ ද? 🤔

වෙන හැමදේටම අරයා/මෙයා/මම තමා කරෙ කියලා ඇගිල්ල දික් "වෙන්නම" ඕනෙද?

ආතල්

 ගොඩක් වෙලාවට වරදින දෙයක් තමා

1.මම ආතල් එකට කරන දෙවල් නොකරන අය ඉන්නෙ දුකෙන්

2. මම නොකරන ඒත් මන් ආතල් කියලා හිතන් ඉන්න දෙවල් කරන අය ඉන්නෙ සතුටින් 

3. මම ගන්න ආතල් ගන්න අය ඉන්නෙ.......... මන් වගෙ ඇති


එහෙම නෑ. ඇත්තටම ඔයාට කවදාවත් ඒක දැනගන්නත් බෑ 😉

ඊරිසියාකාරයෙක්

 අරූ මහ ඊරිසියා කාරයෙක් කියන එකෙ ඇත්තම තේරුම මෙහෙම නම්.

මම එයා නම් මෙ වගෙ සිද්ධියකදි ඊරිසියා හිතෙනවා ඒනයින් ඌ ඊරිසියා කරනවා ඇති. 🤔

Saturday, April 29, 2023

pavlov ට මිස් වෙලා


 



 Pavlov ට miss වුනේ ලෝකයේ නානාප්‍රකාර සීනූ විතරක් ඇති බවත් විසිල් හඩට ඇවිස්සෙන්නෙ බල්ලන් විතරක් නොවන බවත්ය.


පලි

 මෙ කතාවට ඔයාට හිතෙන දේත් conditioning ම තමා

ආයෙ සෙට් වෙමු

 ආයෙ set වෙමු

ආයෙ set වෙමු. කියන සරල කතාවෙ උනත් තියෙන  උපකල්පන හෙනම ස‍ංකීර්ණයි. අනාගතය උදාවෙවි, මම /ඔයා මැරෙන එකක් නෑ වගෙ. 


ලෝකය අස්තාවරභාවය දන්න කෙනා ඒක කියන්නේ මම මැරුණෙ නැතොත් ,ඔයා මැරුණෙ නැත්නම්, වගෙ අස්තිර ස‍ංඥාව ......  කියනදෙ යෙදිලම. 

එතකොට එයාට ආයෙ 

හමුවීම , හමු නොවීම දෙකම පුදුමයක්/ස‍ංවෙගයක් වෙන්නෙ නෑ.

තර්කයෙ අවුල

 logical

තර්කය හැමවිටම සාපේක්ෂයි, ඒ ගැන තියෙන දැනුම මට්ටමින් තමා තර්කය හරි වෙන්නෙ. ඒ දිහා බලන කෝණය වෙනස් වුනාම තර්කය valid නැති වෙනවා.

ඒ හින්දා තමා අපිට ගොඩක් අය කල්පනා(තර්ක) කරලා ගන්න තීරණ පට්ට ගොන් කියලා හිතෙන්නේ 😉


අපි ගන්න තීරණත්...... 🤷

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...