Friday, November 26, 2021

නෙලුම් කුලුණ

 නෙලුම් කුලුණ රටට ණය උගුලක් බව ගොඩක් අයට තේරෙනවා.

 දරන වියදමට සාපේක්ෂව අදායම අඩුයි. පිට ඔපය සුපිරි.

 ඔබගෙ ගෙදර ,කාර් එකත්  එසේම ද?💀


ප.ලි


නෙලුම් කුළුණ  ඩුබායි වල ගැහැව්ව නම් අවුලක්ම නෑ.


ඒ වගෙ තමන් ගත්ත කාර් එක, හදපු ගේ(ඕන දෙයක්) තමන්ව ණය ගොඩක හිර කරලා නැත්නම් අවුලක් නෑ.


"ඔයා" ජීවත් වෙන්නෙ ණය ගෙවන්නම නම් අවුලක් .


ඕනම ණයක් එක්ක හිර වීමක් තියෙනවා

Sunday, November 21, 2021

ආදර්ශ ,උපමා ,ජාතක කතා

 

ආදර්ශ කතාවල තියෙන්නේ "ඔයා" එහෙම වෙන්න. නැත්නම් "ඔයත්" ඒ මොඩ වැඩේ කරනවා කියලා පෙන්නන්න .

ඒත් අපි ගන්නෙ ගොඩක් වෙලාවට එයා මාරයි, අරයා මොඩයි කියලා.

ළමයින්ට කතා කියලා දෙන්නෙ තමන්ටත් එක්ක.😃 

Wednesday, November 17, 2021

ළමයට ආයොජනයක්

 ගොඩක් අය තමන්ගෙ ළමය වෙනුවෙන් ආයොජනය කරනවා. ඉඩම් ගන්නවා, insurance ගන්නවා. උගන්නවා. 

ඒත් ළමය මැරුණම යන තැනට investment එකක් කරනවද ? දැනට කරලා තියන එකෙ return of investment එක කෝමද ?

අනිවාර්යයෙන් ආයොජනය කරන්න 😉 මොකද ළමය ඉගෙන ගත්තත් නැතත්, ළමය කසාද බැන්දත් නැතත් මැරෙන එක වෙනවා.

ප.ලි

හොදම මැරුණම නොයන තැනට ආයොජනය . නැත්නම් ස්වර්ගයට වත් අඩුම.


Tuesday, November 16, 2021

65න් ද 55න් ද දැන් බැරිද?

 ඔයාට දැන් විශ්‍රාම යන්න බැරි ඇයි?

විශ්‍රාම යන දවසට ඒ ප්‍රශ්න විසදේවි කියලා තියෙන guarantee එක මොකද්ද? 


(ඇත්තටම විශ්‍රාම ගිය මිනිස්සු මේ ලෝකේ නැති තරම් ප්‍රශ්න එහෙමමයි . ප්‍රශ්නය ප්‍රශ්න කරන්න )

Monday, November 15, 2021

යතාර්ථය



 අපි හැම තිස්සෙම දකින ,ඇහෙන, දැනෙන දෙවල් ඇත්තම යතාර්ථය කියලා අරගෙන තමා ජිවත් වෙන්නෙ. ආගම ,විද්‍යාව ,දර්ශනය ගැන තර්ක කරන්නෙ.

ඒ වුනාට ඇහෙට එන්නෙ 2D පින්තූරයක් ඒත් අපිට පේන්නෙ 3D

අපිට පේන්නෙ පාට පාට ලෝකයක්. ඒත් ආලෝක කිරණවල පාටක් නෑ.

ඇහෙන සද්ද වල තේරුමක් නෑ. ඒත් අපිට සද්දෙ තේරෙනවා.

සුවද දැනෙන රසායනික අංශුවල සුවදක් නෑ. ඒත් සුවදක් දැනෙනවා.

ලෝකය කියන්නෙම සකස්වීමක් /construction  එකක්. ඔයාගෙ රතු මගෙ රතු නෙමේ. අඩුම ඒක ලගින් වත් යන්න ඕනෙ නෑ. ඔයා අත්විඳින කිසිම දෙයක් මට අත්විඳින්න බෑ


මෙච්චරකල් ගහ මරාගත්ත ඒවා. මාරයි කියලා කතා කරපුවා ගොන් පාට් නෙමේ ද?

(මේ කතාවත් එහෙමයි . මන් ලියපු දේ ඔයා කියෙව්වා නෙමෙ .ඔයා කියවපු දෙ මන් ලිව්ව ) remember key to the matrix is in the matrix 

මේ ගැන මන් හදපු video එක

 


Neuroscientist ල කරන video  එකක් අනිවා බලන්න සැහෙන්න ඉගෙන ගන්න පුලුවන් 




දේශපාලනය

 දේශපාලනය 

ගැන උනන්දු යාලුවො දන්නවා ඇති 


ඔයා/"මම" රටෙ විධායක ජනාධිපති වෙනකම් රට හදන්න බැරි බව.


එහෙම වෙනකම් තමන් වෙන්න කැමති ජනාධිපති ක්‍රියාවෙන් වෙන්න රස්සාවට ගෙදරට 🙂

Saturday, November 13, 2021

ඇහෙන්නේ

 අපි ගොඩක් දෙවල් අහන්න/ කියවන්නෙ

1. මම හරි

2. එයා වැරදි 

කිව්වෙ මොකද්ද කියලා දන්නෙවත් නෑ




මේක කියවන්නෙත් එහෙමයි 😉 ගොඩක් වෙලාවට

Wednesday, November 10, 2021

කෑගසන පූසා 🐱

 කෑගසන පූසා

රැලට කෑගසා ගේ වටෙ යන පුසන්ට ගල් ගසන අපි,

ඌ වටෙ යන හේතුවට කොච්චරවත් තෙල් පුච්චන්නවද?

(පුච්චපු,පිච්චෙන ,පුච්චන්න තියෙන)

ගෝචර නොවන level එකෙ

 අපිට හිතෙන්නේ නම් කරන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ කියලා. සමහර අයට meter වෙනවා අපිට නම් කරන්න බැරි level එකෙත් දේවල් පවතිනවා කියලා. ඒ අපිට ගෝ...