සබ්බ හෙවත් සියල්ල
සියල්ල කියන හැගීම කොච්චර සියල්ලට ළගද කියන එක මත ගැලවීම තීරණය වෙන්න පුළුවන්.
උදාහරණයකට
පහළ පින්තුරය optical illusion එකක් කියලා තමා දැක්කම හිතෙන්නේ . කොම බැලුවත් පාට දෙකක් කියල හිතෙන A , B කොටු දෙක ඇත්තටම එකම පාට . (photo)
ගොඩක් අය ඔව්නේ බලන්නකෝ මොළය A හා B කොටු වෙනස් පාට වලින් පෙන්නනවා නේ මාරයි.🙂
සමහර අය, ඉතුරැ කොටු ටිකත් එහෙම ද එතකොට?
තව ටික දෙනෙක්, අප්පා එතකොට පේනවා කියන සිද්ධියම ?
ටික දෙනෙක් , එහෙනම් මේක මොළය හදලා දෙනවා කිව්වට අපිට මොළයක් තියෙනවා කියල පෙන්නලා තියෙන්නේ optical illusion එකේම ද?🤔
දත්ත ගන්න තැනම අවුලක් නම් දත්ත වලින් හදපු කතාව?
ඊට පස්සේ හොයන්න ගන්නවා මොකක්ද seen එක කියලා.☺️
No comments:
Post a Comment